ශ්‍රී ලංකාවට ජපානයෙන් අඛණ්ඩ සහය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී ඇති අතර, මෙහිදී, මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්වේ. සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත් බව පැවසේ.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී, ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව එහිදී සිය ප්‍රසාදය පළ කර ඇති අතර, “clean sri lanka” වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි ඇය එහිදී කියා සිටි බව පැවසේ.

මෙම රැස්වීමට ජපානයේ තානාපති Akio Isomata සහ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හා ආර්ථික සහයෝගිතා ප්‍රධානී Kenji Ohashi යන මහත්වරුන් සහභාගී වී ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර, එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...