ප්‍රශ්න පත්‍ර බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාවට වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

උතුරු මැද පළාතේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණිවල තුන්වන වාර පරීක්ෂණයේ විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රශ්න බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

එම ගුරුවරිය, අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ බව වාර්තා වේ. ඒ අනුව, ජනවාරි 7 වන දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ඇති බව වාර්තා වේ. මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...