ප්‍රශ්න පත්‍ර බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාවට වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

උතුරු මැද පළාතේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණිවල තුන්වන වාර පරීක්ෂණයේ විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රශ්න බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

එම ගුරුවරිය, අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ බව වාර්තා වේ. ඒ අනුව, ජනවාරි 7 වන දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ඇති බව වාර්තා වේ. මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...