රනිල් ලසන්තට යුක්තිය ඉෂ්ට කළේ නැහැ – රවී ඇත්තම කියයි!

Date:

කොළඹ LNW: සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බලතල තිබියදීත් යුක්තිය,සාධාරණය ඉටු නොකළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ අද (08) බොරැල්ල කනත්තේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි අනුස්මරණයට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සාධාරණය ඉටුකරගැනීම වෙනුවෙන් තමන් කතා කළද පෙනෙන්නට තිබුණේ විමර්ශන සිරවී තිබුණ ආකාරයක් බවද කරුණානායක මහතා කියා සිටියේය.

අවශ්‍ය වන්නේ එවැනි සිදුවීම් පසුපස තිබෙන දේශපාලන රැකවරණය නැති කිරීම බව හෙතෙම සඳහන් කරන ලදී.

තොරතුරු හෙළිව තිබියදීත් එය සමාජයට හෙළිදරව් නොවීම ප්‍රශ්නයක් බවත් මෙයට සාධාරණය ඉටුකරගැනීමට තවදුරටත් මැදිහත්වන බවත් රවී කරුණානායක මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...