අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ඇය දියත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙනි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගෙන් ඇයට තබදල විවේචන එල්ල වෙමින් පවතී.
මේ තත්වය තුළ, මේ පීඩනය උපයෝගී කරගෙන ජවිපෙ පක්ෂ කාඩරය සතුටු කිරීම සඳහා හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයෙන් ඉවත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඇයව අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සභානායක බිමල් රත්නායක මහතාව අගමැති ධුරයට පත්කිරීමට සූදානමක් ද පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
බිමල් රත්නායක මහතා මෑතකදී චීනයේ සංචාරයක නිරත වූ අතර ඔහු චීන සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණියේ පාකිස්ථානයේ ද සංචාරයක නියැළීමෙන් අනතුරුව ය.
ඒ අනුව, අගමැති ධුරයට ඔහු යෝජනා වීම පසුපස චීනය ද සිටින බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.


