අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

Date:

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක් ලබාගන්නා තෙක් එම කන්දේ සිදුකෙරෙන සියලු ඉදිකිරීම් පිළිබඳ ගැටලුව විමසීමට පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබේ.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යෙව්දී තරිඳු ජයවර්ධන ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ සමාජ ක්‍රියාකරුවන් පිරිසක් අද (08) දින පෙරවරුවේ පරිසර අමාත්‍යවරය හමුවී මේ පිළිබඳ සාකච්ඡාවක් සිදු කර ඇත.

එහි දී අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව පරිසර අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙමින් පවසා ඇත්තේ මෙම පාරිසරික සංවේදී කලාපයේ පාරිසරික සංරක්ෂණයට අදාළ කොටස පිළිබඳ සැළකිලිමත් වෙමින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. පරිසර අමාත්‍යවරයාගේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් මෙම තත්ත්වය සම්බන්ධව නිසි අධ්‍යනයක් සිදු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇත.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු ජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාව කන්දට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් සහ මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමට ද ඉදිරි දින කිහිපයේ දී කටයුතු කෙරෙනු ඇති.

විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය දිනක මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...