*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

සතියෙන් සතිය – 2 : අවවාදයයි! සුසිල් සහ බැසිල්; එකම ලණුවක දෙපැත්ත!!

පේන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නොවේ කියල කිව්වේ කාල්මාක්ස්.  මේ වෙලාවේ දේශපාලනය දිහා බැලුවම මාර මාර දේවල් පේනවා. බැසිල්ලා සුසිල්ලාව එලවනවා. සුසිල්ලා බැසිල්ලාට බනිනවා. ඒව බලාගෙන සමහරු විසිල් ගහනවා. වැඩ කෝටියයි.

ඒ විතරක් නෙමේ මෛත්‍රී එකපාරට ෆෝම් වෙලා ආණ්ඩුවට එක පිට එක ප්‍රහාර එල්ල කරගෙන කරගෙන යනවා. මොකක්ද මේ වෙන්නේ ? ආණ්ඩුව පිපිරිලාද ? ආණ්ඩුව වැටෙන්නද යන්නේ ? ප්‍රශ්න ගොඩයි.

මේ අලුත් නාටකය රඟ දැක්වෙන්න කලින් රටේ මොකද්ද තිබුන තත්වය ? ප්‍රධාන පක්ෂ දෙකම එපාවෙලා ඒ පක්ෂ දෙක ගැනම කලකිරිලා මිනිස්සු තුන්වෙනි බලවේගයක් ගැන හිතන්න පටන් ගත්තා විතරයි. ඔබ හිතනවද එහෙම මොහොතක මතුවෙන මේ අලුත් ගැටුම් ඇත්ත ගැටුම් කියලා. බැලූ බැල්මට ඒ ගැටුම් වලට හේතුවෙන යම් යම් ඇත්තවල් තිබුණත් මේ වෙලාවේ ඒවා මතුවෙන ඇත්තම ඇත්ත කතාව තමයි වෙන කවරදාටත් වඩා ජනතාව තුළ තුන්වෙනි බලවේගයක් ගැන ඇතිවෙලා තියන අවධානය.

මතකයි නෙ අපි මීට කලින් මේ කොළමෙදිම කිව්වා රනිල් වික්‍රමසිංහ හොඳටම කලබල වෙලා සිස්ටම් එක ගැන කියලා. සති දෙකකට කලින් එයා කිව්වානේ ජනතාව ප්‍රකෝප වුනොත් මොනවා වෙයිද දන්නෑ කියලා. ඊට පස්සේ එක පාරටම ආණ්ඩුව ඇතුළේ පිපිරීමක් නිර්මාණය වෙනවා. ජනතා අවධානය පිපිරීම දිහාට යනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මෛත්‍රීට ලැබෙනවා කියලා කතාවකුත් කණින් කොණින් ඇහෙන්න පටන් අරන්. ඒ කියන්නේ තුන්වැනි බලවේගය ආණ්ඩුව ඇතුළෙන්ම නිර්මාණය කරලා විකල්පය දිහාට හැරෙන්න පටන් ගත්ත මිනිස්සුන්ට අලුත් මැජික් එකක් පෙන්නන්න පටන් අරගෙන.

දැන්ම ඉඳන්ම අලුත් මැජික් එක ෆෝම් කරගත්තොත් මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට විමල්ලා ගම්මන්පිලලා ඒ මැජික් ෂෝ එකට එකතු වෙයි. ඊළඟ මැතිවරණයෙන් ඒ ඊනියා තුන්වැනි බලවේගය ඡන්ද ටිකක් ඩැහැ ගනියි. ඇත්ත තුන්වෙනි බලවේගයක් දිහාට හැරෙන්න නියමිත මිනිස්සුන්ව දෙකට තුනට බෙදයි. එහෙම බෙදලා හැදෙන අලුත් පාර්ලිමේන්තුව ඇතුලෙ නොන්ඩි ගහන ආණ්ඩුවක් හැදෙයි. ඒ ආණ්ඩුව කවදාවත් දූෂිතයන්ට දඬුවම් දෙන එකක් නෑ.  කොහොමද වැඩේ ? හරිම සිම්පල් ප්ලෑන් එකක්.

සුසිල්ලාගේ දේශපාලන චලනයන් අවංක නෑ. මෛත්‍රීගේ දේශපාලන චලනයනුත් අවංක නෑ. රනිල්ගේ අවංකකම ගැන මොකට කියනවද ?

හැමෝම බය වෙලා ඉන්නේ සිස්ටම් එක වැටෙයි කියලා. ඒ නිසා අලුත් මුක්කු අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් මුක්කු හැදෙන්නැත්නං තමන්ගෙ බලවේග තක්කු මුක්කු කරල හරි අලුත් මුක්කු හදනවා. බැලූ බැල්මට ඒවා එකිනෙකට පසමිතුරුයි වගේ පෙනුනට සිස්ටම් එක ගොඩ දැමීම උදෙසා ඒවා එකිනෙකට සේවය කරනවා.

මෛත්‍රී සුසිල් ඊනියා විකල්පයට අනිවාර්යෙන් කරුත් එකතු වෙයි. විදුරලා අනුර ප්‍රදර්ශනලා විමල්ලා ගම්මන්පිලලා ආවම පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන ඇත්ත ආතල් එකක් නෙමේ. මායාකාරී දේශපාලන සොමියක්. 

මේ රටේ දේශපාලනය කරන ගොඩක් අය වරද්ද ගත්ත තැනක් තියෙනවා. ඒ තමයි මේ රට ඉස්සරහට යන්න නං ‘හුදු රාජපක්ෂවරුන් පැරදවීම ප්‍රමාණවත්’ කියන කාරණාව. ඒක ජනප්‍රිය මතය වෙන්න පුළුවන්. ඒත් ඒක සත්‍ය මතය නෙමෙයි. 

පැරදවිය යුත්තේ පසුගාමී ජාතිවාදී ගෝත්‍රික දේශපාලනයයි. මේ ආණ්ඩුව යනු ඒ දේශපාලනයේ වර්තමාන ඒජන්තයා පමණයි. එක් ඒජන්තයෙකු පරදවා තවත් ඒජන්තයෙකු ගෙන ඒමෙන් කිසිදු ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ. ඇත්ත විකල්පය පිළිබඳ මතය පරිස්සමෙන් ජනතාවට සන්නිවේදනය කළ යුත්තේ ඒ නිසයි.

ඒ සඳහා තියුණු දේශපාලන ඥානයකින් කටයුතු කළ යුත්තේ ජනතාව පමණක් නෙමෙයි. දේශපාලන ව්‍යාපාරයනුත් සුසිල් සහ බැසිල් (ගෙන් සංකේතවත් වන ධාරාවන් දෙක) එකම ලණුවේ දෙපැත්ත ලෙස වටහා නොගත්තොත් තවත් ඓතිහාසික වැරදිල්ලක්  වරදින්නට නියමිතයි.

අවස්ථාවාදී රට කපටියන් අදූෂිතයන් සේ වෙස් වළාගෙන එනවිට ඔවුන් ඉඹලා පිළිගත්තොත් ‘මා නොවන මම’ සේ රාජපක්ෂවරු නැති මුත් රාජපක්ෂ මතවාදය ඇති ආණ්ඩුවක් නිර්මාණය වෙයි. එහෙව් විකාරරූපී ආණ්ඩුවක් 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා භයානක විහිළුවක් වෙනවාට කිසිදු සැකයක් නෑ. 

තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan