නෙතන්යාහුගේ නව රජයට එරෙහිව දහස් ගණන් ඊශ්‍රායල ජාතිකයෝ විරෝධතාවයේ

Date:

පසුගිය බදාදා(04)වන දින ඊශ්‍රායල් අධිකරණ ඇමති යාරිව් ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද නව අධිකරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලීම, වර්ණ භේදවාදයට විරුද්ධ වීම, බටහිර ඉවුරේ නීතිවිරෝධී ජනාවාස ව්‍යාප්ත කිරීම ආදී කරුණු පදනම්ව, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අඳුරේ හෙලන ඉතිහාසයේ වඩාත්ම දක්ෂිනාංශික හා ආගමික වශයෙන් ගතානුගතික අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නව රජයේ සැළසුම්වලට එරෙහිව දස දහස් ගණනින් ඊශ්‍රායල් ජාතිකයන් වීදි බැස ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතාවය මෙහෙයවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සෙනෙට්හි වාමාංශික සහ පලස්තීන මන්ත්‍රීවරුන් විසින් වන අතර විරෝධතාවයට සම්බන්ධ වූ බොහෝමයක් දෙනා නෙතන්යිහුගේ නව රජය ප්‍රතික්ෂප කරන්නට විය.

බොහෝ දෙනෙක් විරෝධතාවය අතරතුර යුදෙව්වන් සහ පලස්තීන වැසියන් අතර සාමය සහ සහජීවනය ඉල්ලා සිටින්නට විය. එමෙන්ම විරෝධතාකරුවන් මෙහිදී රජයට අවධාරණය කරනු ලැබුවේ අපි මෙහි පැමිණ සිටින්නේ අරාබිවරුන් සහ යුදෙව්වන් සහ ඊශ්‍රායලයේ විවිධ විවිධ ප්‍රජාවන් වන අප සියල්ලන්ගේම සාමය, සමානාත්මතාවය සහ යුක්තිය වෙනුවෙන් බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...