එක් ජන්මදිනයක්, ඒත් උත්සව දෙකක් ..

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දින සැමරුම අදට (08) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මෙම සැමරුම පැවැත්වුණේ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“බණ්ඩාරනායක මැතිතුමා උපන්න දවසේ තමයි මම ජනාධිපති වුණේ. ජනවාරි 08. මගේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද ඇතිවුණේ බණ්ඩාරනායක දර්ශනය ක්‍රියාත්මක කරන්න ගිහින්. එහෙම නැතුව වර්තමාන ජනාධිපතිතුමා සහ මං අතර කිසිම පෞද්ගලික ගැටුමක් නැහැ. අද තිබෙන ප්‍රශ්නය බණ්ඩාරනායක දර්ශනය මොකක්ද කියලා වර්තමාන අලුත් පරපුර නොදැනීම. අරගලයේ සිටි පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉල්ලා සිටියේ බණ්ඩරනායක දර්ශනය අනුව රට පාලනය කළ යුතුයි කියලයි.”

මේ අතර දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තවත් සැමරුම් උත්සවයක් ගාලු මුවදොර පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණි.

ඒ බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ සහභාගීත්වයෙනි.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී විය.

මේ වසරේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දිනය වෙනුවෙන් වෙනවෙනම සැමරුම් උත්සව දෙකක් පැවැත්වීම විශේෂත්වයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...