2026 හමුවෙමු FIFA

Date:

ලෝකෙ පොපියුලර් ම ස්පෝට් එක මොකද්ද කියල ඇහුවොත් අපි කියයි ක්‍රිකට් කියල. ලෝකෙන් ම ඇහුවොත් කියයි ෆුට්බෝල් කියල. ෆුට්බෝල් නම් ෆිෆා, ෆිෆා නං ෆුට්බෝල්. ඔහොම තමා ඔලුවල ලියවෙන්නෙ. නම දිගෑරලා කිව්වොත් Fédération Internationale de Football Association ( FIFA).

ෆිෆා වර්ල්ඩ් කප් එක වෙනම ආතල් එකක්. ලෝකෙ ඉන්න ඔක්කොම එකම තැනකට එක්කහු කරන ස්පෝට් ටූනමන්ට් එකක්, ෆිෆා. ඒක ඇතුළෙ වෙනම අයිකන් එකක් , ෆිෆා ට්‍රෝෆි එක. ෆිෆා පටන් ගන්නෙ 1930 දි. පළවෙනි ෆිෆා ට්‍රෝෆි එකේ ක්‍රියේටර් , ෆ්‍රෙන්ච් ස්කල්ප්ටර් කෙනෙක්. නම ඒබල් ලාෆ්ලර්. ‘ ‘ ‘නයිකි’ කියන ග්‍රීක දෙවඟන තමා පරණ ට්‍රෝෆි එකේ ඉන්නෙ. නයිකි කියන්නෙ ජයග්‍රහණයට අධිපති ග්‍රීක දෙවඟන. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙ ටූනමන්ට් එකක් තියා හුස්ම ගන්න එකත් හැංගිලා කරන්න ඕන වෙච්ච වැඩක් නෙ. ඉතිං ටූනමන්ට්වලට හෙණ ගැහිලා ගියා. ඒ කාලෙදි ට්‍රෝෆි එක හංගලා තියෙන්නෙ සපත්තු පෙට්ටියක් අස්සෙ දාලා, එතකොට හිටපු ෆිෆා වයිස් ප්‍රසිඩන්ට්ගෙ ඇඳ යට.  මේ ට්‍රෝෆි එක දෙපාරක් හොරකං කරලා තියෙනවා.  Jules Rimet, ෆිෆා ප්‍රසිඩන්ට් වුනාම, ට්‍රෝෆි  එකේ නම  ‘ජූල්ස් රිමේට් ෆිෆා වර්ල්ඩ් කප්’ බවට පත් වෙනවා. ඒක වෙන්නෙ 1954 වගේ කාලෙක.

1974 දි තමා දැන් තියෙන ට්‍රෝෆි එක වැඩේට බහින්නෙ. මේ ට්‍රෝෆි එක තනිකර ගෝල්ඩ්. 75% ක් ම ගෝල්ඩ්. ඒකෙ තියෙන්නෙ ලෝක ගෝලයක්. ඒක හරි සීරුවට කට්ට කපලා නිර්මාණය කරපු ලස්සන වැඩක්. ඉතාලි ස්කල්ප්ටර් ආර්ටිස්ට් කෙනෙක් වෙන සිල්වියෝ ගසනිගා, තමා මේ ස්ට්‍රක්චර් එක හදන්නෙ. මේක තරගයක්. තරගෙට ට්‍රෝෆි 53ක් ඉදිරිපත් වෙනවා. ඒකෙන් වික්ට්‍රි එක ලැබෙන්නෙ සිවියෝගෙ ස්කල්ප් එකට. එහෙම තමා දැන් තියෙන ෆිෆා ට්‍රෝෆි එක ඔෆීශියල් ට්‍රෝෆි එක වෙන්නෙ.

” ලෝකය ගෝලයක්. ඒක පාපන්දුවකට බෙහෙවින් සමානයි”

තමන්ගෙ ක්‍රියේශන් එක ගැන සිල්වියෝට තියෙන්නෙ එහෙම අයිඩියා එකක්. ඒ අයිඩියා එක තමා ට්‍රෝෆි එක හැදෙන්ඩ මුල් වෙන්නෙ. කොච්චර වැලිව් එකක් දීලා තියෙනවද කිව්වොත් පියෝ කැරට් දහ අටෙන් මේක හදන්නෙ. සෙන්ටිමීටර 36.8 ක් උසයි. කිලෝග්රෑම් 6.1ක් බරයි. මේ ට්‍රෝෆි එක මුලිම්ම අතට ගන්ඩ වාසනාව පෑදුනේ ජර්මන් ෆුට්බෝල් ටීම් එකට. වැඩිපුරම අරන් තියෙන්නෙත් ජර්මනිය. ඒ කියන්නෙ වාර තුනක්.

ස්විට්සර්ටලන්ඩ්වල සුරිච් නගරෙ තියෙන ෆිෆා වර්ල්ඩ් කප් මියුසියම් එකේ තමා ට්‍රෝෆි එක තැන්පත් කරලා තියෙන්නෙ. ඇත්තම කිව්වොත් ඔරිජිනල් එක තියෙන්නෙ එතන. විනින් ටීම් එකට දෙන්න ඩුප්ලිකේට් එකක්. ඒකට හේතුව පළවෙනි ට්‍රෝෆි එක මංකොල්ලා කෑව වගේ දෙයක් මේකටත් වෙයි කියන බය.

2042 වෙද්දි අලුත් ට්‍රෝෆි එකක් එළියට දාන්න කට්ටිය ලෑස්ති වෙනවා කියල තමා කියන්නෙ. පොපියුලර්ම ස්පෝර් එකේ අයිකොනික්ම අයිටම් එකේ ස්ටෝරි ලයින් එක ඔහොමයි. එහෙනං 2026 ටූනමන්ට් එකෙන් හම්බෙමු!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...