කළු ජනේරුව

Date:

කළු ජනේරුව

එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

’‛ජනවාරි මාසෙත් ඉවරයි’’
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
‛‛ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.’’

(එදා, ඔව් ඒ හුදෙකලා රාත්‍රියේ, ඒ හුදෙකලා මළ ගෙදර, හුදෙකලා වී සිටි අප කිහිපදෙනෙකුගේ සාමුහික මතකය)

  • මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...