රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්, මිය ගිය ගණන 11ක් ඒ අතරින් 05ක් දරුවන්

0
181

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනයේ නැගෙනහිර නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර යුක්‍රේනයේ Pokrovsk නගරයේ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකුද සිටින බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා දන්වා ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්වේ.

රුසියානු හමුදා නේවාසික ප්‍රදේශ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටී.