“මිස්ටර් බීන්“ගේ 69 වන උපන්දිනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවම හඳුනන ප්‍රහසන නළු කාගේත් ආදර “මිස්ටර් බීන්“ එහෙමත් නැතිනම් රෝවන් එට්කින්සන් පෙරේදා (06) තම දිවියේ 69 වැනිදා විය සම්පූර්ණ කළ බව වාර්තා වේ.

1955 වසරේදී බ්‍රිතාන්‍යෙය් ඩර්හෙම් හිදී උපත ලැබූ රෝවන් පිරිමි දරුවන් සිවුදෙනෙකු යුත් පවුලක බාලයා වේ.

1979 වසරේ BBC රේඩියෝවේ ප්‍රහසන රේඩියෝ නාටකයකට තම හඬ ලබාදෙමින් ආරම්භ කළ රෝවන්ගේ කලා ජීවිතයේ ප්‍රමුඛතම ස්ථානය වූයේ මිස්ටර් බීන් නම් වූ ලෝක ප්‍රකට ප්‍රහසන ටෙලි නාටක පෙළ වෙනුවෙන් ඔහු ලබා දුන් අමරණීය දායකත්වයයි.

තවත් ටෙලි නාටක හා චිත්‍රපට පෙළකට දායකත්වය ලබා දුන් රෝවන් තම වත්කම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 150කට හිමිකම් කියන බවද වාර්තා වේ.

ලොවම ආදරය කරන ලොවම සිනා ගන්වන ආදරණීය මිස්ටර් බීන්, 69 වන වියට පා තැබූ ඔබට සුබ උපන්දිනයක් වේවායි පතමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...