ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

Date:

ඕවින්දි විෂ්මිකා

ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස ශ්‍රී ලංකාවේ උපන් තාරකා භෞතික විද්‍යාඥ රේ ජයවර්ධන පත් කර ඇති බව වාර්තා වේ.

ජෝන්ස් හෝප්කිංස් විශ්වවිද්‍යාලයේ ප්‍රශංසනීය තාරකා විද්‍යාඥයෙකු සහ වත්මන් ප්‍රොවෝස්ට්වරයෙකු වන රේ ජයවර්ධන මහතා කැල්ටෙක් (California Institute of Technology) විශ්වවිද්‍යාලයේ නව සභාපතිවරයා ලෙස පත්වී ඇත.ඔහු 2026 ජූලි 1 වන දින එහි නායකත්වය ලබා ගන්නා අතර යාව කේන්ද්‍ර කරගත් මෙම විශ්ව විද්‍යාලය ෆෙඩරල් පර්යේෂණ අරමුදල්වල මූල්‍ය පීඩනයන්,රජයෙන් රජයට වෙනස් වන පර්යේෂණ ප්‍රතිපත්ති මෙන්ම අනාගත අභියෝග සමඟ පොරබදමින් සිටින තීරණාත්මක අවස්ථාවක ඔහුගේ පත්වීම සිදු වේ.

මෙම වසර මුලදී කැල්ටෙක් හි ඉවත්ව යන සභාපති Thomas F. Rosenbaum ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමෙන් පසුව සිදු වූ පුළුල් ජාත්‍යන්තර සෙවුම් කටයුතු වලින් පසුව මෙම තීරණය ගන්නා ලදී. පුළුල් අධ්‍යයන හා පරිපාලන අත්දැකීම් ගොන්නකින් හෙබි ජයවර්ධන දැන් ලෝක මට්ටමේ අවධානයක් ලබා ඇති අති නවීන පර්යේෂණ සහ විද්‍යාත්මක දියුණුව සඳහා වසර 134 ක් මුලුල්ලේ දායකත්වය ලබා දෙන එම ආයතනයට නායකත්වය දෙනු ඇත.

ජයවර්ධනගේ විද්‍යාව කරා යන ගමන ආරම්භ වූයේ 1980 ගණන්වල ශ්‍රී ලංකාවේදීය.ඒ නම් නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයෙන් (JPL) බ්‍රහස්පති සහ සෙනසුරුගේ විශ්මය ජනක රූප ඇතුළත් පොත් පිංචක් ඔහුගේ විශ්වය කෙරෙහි ඇති ආශාව අවුලුවාලීමත් සමඟය. මෙම ආශ්වාදජනක මොහොත ඔහුගේ තාරකා විද්‍යාව පිළිබඳ වූ වෘත්තීමය ජීවිතය සහ ලොව පුරා වූ විද්‍යාත්මක කුතුහලය පෝෂණය කිරීම සඳහා වූ ඔහුගේ කැපවීම මනාව හැඩගස්වා ඇත.

ඔහුගේ පත්වීමෙන් පසු කාර්ය මණ්ඩලයට සහ පීඨයට ඔහු කළ ප්‍රකාශවලදී ජයවර්ධන විද්‍යාත්මක සොයාගැනීම්වල පරිවර්තනීය බලය පිළිබිඹු කරමින් සංස්කෘතික හා භූගෝලීය සීමාවන් හරහා අනාගත පරම්පරාවන්ට ආශ්වාදයක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය.

කැලිෆෝනියාවේ පැසඩෙනා හි පිහිටි කැල්ටෙක් යනු පීඨ සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් සහ සිසුන් 2,400 ක් පමණ නවාතැන් ගෙන ඇති විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ප්‍රමුඛයෙකු ලෙස දිගු කලක් කටයුතු කර ඇති ප්‍රසිද්ධ ආයතනයකි.එහි ආදි ශිෂ්‍යයන් සහ පර්යේෂකයින් නොබෙල් ත්‍යාග රාශියක් උපයා ඇති අතර විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල පෙරළිකාර දායකත්වයන් රැසකට හිමිකම් කියයි.අභ්‍යවකාශ හා විද්‍යා අරමුදල් සඳහා වූ පුළුල් සීමාවන් මධ්‍යයේ මෑත වසරවලදී සැලකිය යුතු මට්ටමේ ශ්‍රම බලකායක් අඩු කිරීමට සිදු වූ නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරය ද මෙම විශ්ව විද්‍යාලය විසින් අධීක්ෂණය කරයි.

කැල්ටෙක් මෙම අභියෝග ජය ගන්නා විට ආයතනයේ අනාගතය සුරක්ෂිත කිරීම සහ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ජයවර්ධනගේ නායකත්වය බොහෝ සේ තීරණාත්මක වනු ඇත. පර්යේෂණ සහ පරිපාලනය යන දෙකෙහිම ඇති ඔහුගේ අත්දැකීම් සමඟින් දැනුම දියුණු කිරීමේ සහ විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාවේ අනාගත නායකයින් දිරිමත් කිරීමේ විශ්ව විද්‍යාලයේ මෙහෙවරට ඔහු සහාය වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

අන්තර්ජාතිකව පිළිගත් විද්‍යාඥයෙකු වන රේ ජයවර්ධනට නායකත්වයට පත් වීමෙන් අනාගතය පිළිබඳ අනිශ්චිතතාවයන් පවතින මෙම සමයේ කැල්ටෙක් විශ්වවිද්‍යාලයට මෙය ඉතිහාසගත මොහොතක් බවට පත්වෙයි. ඔහුගේ දැක්ම සහ විශේෂඥත්වය වෙනස් වෙමින් පවතින අභියෝග මැද විශ්වවිද්‍යාලය නව උසස් මට්ටම් වෙත ගෙන යාමට මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...