ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයට පෙරාතුව රටේ ජනතාව අතර භේදභින්න ඇති කළ ආණ්ඩුව අද එයින්ම එයින් ම විනාශයට පත්වෙමින් සිටින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

නැති බැරි කම මෙන්ම මන්ද පෝෂණය ද ඉහවහා ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, රටේ දූ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට විසදුමක් දෙන්නට බැරි ආණ්ඩුව මන්දපෝෂණයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ජාතික පෝෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව මේ දිනවල දැනෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එය අනිවාර්යයෙන් ඉටු කරන බව ද අවධාරණය කළේය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” 7වැනි අදියර ඊයේ (08) දියත් කෙරිණි.

ඒ අනුව, “දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි මහලීර් මුස්ලිම් විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (08) සිදුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉහත අදහස් දැක්වීම සිදු කලේ එම උත්සවයේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...