නාවිකයෝ මහනුවර ගිල්වන්නට ගත් උත්සාහය වැරදෙයි

Date:

මහනුවර ක්‍රීඩා සමාජය ඉකුත් වසරේ ලබා ගත් සූරතාවය රැක ගනිමින්, මෙවරත් නිපොන් ජාතික රගර් සූරතාවය සඳහා යන අපරාජිත ගමන වළක්වන්නට,නාවික හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල සහ ප්‍රශස්ත උත්සාහයක් ගත්ත ද,අවසානයේ ලකුණු 21 – 18 ක් සේ මහනුවර ක්‍රීඩා සමාජය ජය ගැනීම වළක්වන්නට නොහැකි විය.

නිත්තවෙලට පැමිණි නාවික හමුදා අමුත්තන්ට තරගයේ ප්‍රථම අර්ධයේදී මහනුවර ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක රන්ජන් සහ උචිත් ජයසූරිය උත්සාහක දිණුම් දෙකකින් සංග්‍රහ කළහ.ඊට ප්‍රවර්ථන ද එකතු කළ, ඉකුත් වසරේ නිපොන් ජාතික ලීගයේ වටිනාම ක්‍රීඩකයා වූ තරින්ද රත්වත්ත ප්‍රථම අර්ධය නිමා වන විට මහනුවර ක්‍රීඩා සමාජයේ ලකුණු තත්ත්වය 14 ක් දක්වා ඉදිරියට ගෙනෙන්නට සමත් විය.නාවික හමුදාව වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත රැස් කරන ලද ඩ්‍රොප් ගෝලයකින් සහ පුලස්ති දිසානායක එක් කළ උත්සාහක දිණුමකින් ලකුණු තත්ත්වය ඒ වන විට 14 ක් ව තිබිණ.
දෙවන අර්ධයේදී මහනුවර ක්‍රීඩා සමාජයට සිත් සේ සංග්‍රහ කරන්නට නාවික හමුදා අමුත්තෝ ඉඩ නොඳුන්හ.ඩේමියන් රත්වත්ත ලැබූ උත්සාහක දිණුම සහ තරින්ද රත්වත්ගෙන් වූ එහි නිසි ප්‍රවර්ථනයෙන් මහනුවර ලකුණු පූවරුව 21 ක් විය.සැමුවෙල් මධුවන්ත දෙවන අර්ධයේදී තවත් නිදහස් පහරක් සාර්ථක ඉලක්කයට යොමු කරන්නට සමත් වූ අතර රදීශ සෙනවිරත්න ලබා ගත් උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය ද සාර්ථකව නිමාවට පත් කළේය.ඒ අනුව තරගය අවසාන කිරීම සඳහා ඉශංක අබේකෝන් ගේ විසිල් හඬ පැතිරෙන විට ලකුණු පූවරුව 21 – 18 ක් සේ රැදී තිබිණ.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...