“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව අමතන ජනපති රනිල්

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව පවත්වනු ලබන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්“ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරියුම් ලබා තිබේ.

ජනවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වෙන මෙම සමුළුවට ලෝක නායකයන් 21 දෙනකු එක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 12 දා සමුළුව ඇමතීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුලසුන දරන මෙම සමුළුවට අසල්වැසි රටවල නායකයන් හැරුණු විට, අප්‍රිකානු රටවල් වන ඇන්ගෝලා, ඝානා, නයිජීරියාව, මොසැම්බික්, සෙනගල්, ආසියාන් රටවල් වන තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, උස්බෙකිස්තානය, මොංගෝලියාවේ නායකයින් සහභාගී වනු ඇත. සමුළුව සැසි 10කින් සමන්විත වන අතර, ආරම්භක සහ අවසන් නායකයන්ගේ සැසි අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන්ද ඉතිරි සැසි අට අමාත්‍ය මට්ටමින්ද පැවැත්වේ.

අමාත්‍ය මණ්ඩල සැසිවාර මුදල්, පරිසර, විදේශ, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙළඳ මට්ටමින් පැවැත්වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 13 දා සමුළුව ඇමතීමට නියමිතය. සමාරම්භක නායකයන්ගේ සැසියේ තේමාව “ගෝලීය දකුණේ හඬ – මානව කේන්ද්‍රීය සංවර්ධනය සඳහා” වන අතර අවසාන නායකයන්ගේ සැසියේ තේමාව වන්නේ “හඬේ එකමුතුකම – අරමුණේ එකමුතුකම” යන්නයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...