විදුලි බිල ඉක්මනින් අඩුකරනවා කියලා අපි කොහෙවත් කියලා නෑ. ඒකට අපට කාලයක් යනවා – ඇමති ජයකොඩි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලි බිල දවසින් දෙකින් අඩු කරන්නේ යැයි ජාතික ජන බලවේගය කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

“විදුලි බිල අඩුකරන්න තමයි අපේ අරමුණ. ඒක ඇත්තටම දවසෙන් දෙකෙන් කරනවා කියලා අපි කොහෙවත් කියලා නෑ. අපි අවුරුදු තුනක් ඇතුළත කරන්න යන්නෙ. මොකද විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන ලද දූෂිත පාලනයන්වල ප්‍රතිඵල ජනතාවට විඳින්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා විදුලිබල මණ්ඩලය බිලියන 332ක ණයකින් පෙළෙනවා. ඒ වගේම වැඩි මිලට විදුලිය මිලදී ගැනීම් වරින් වර රුපියල් 22ට පටන් ගත්තු එක 37ට ගිහිල්ලා ඊටපස්සෙ ආපහු 27ට ඇවිල්ලා තියෙනවා. විදුලිබල මණ්ඩලයෙන් අපට මූලික කැල්කියුලේශන් එක හම්බුණේ 37%ක් වැඩි කරන්න. ඒක හින්දා අපට කාලයක් යනවා. අපි කියලා තියෙන්නෙ විදුලි බිල අඩුකරනවා කියලා අවුරුදු තුනක් ඇතුළත තමා 30% අඩු කරන්නෙ”

අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 09) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...