වී මිලදී ගැනීම වෙනුවෙන් ණය ක්‍රමයක් එයි!

Date:

කොළඹ LNW:මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති අතර
මෙහි ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිය.

මෙහිදී අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමුපකාර සමිතියකට රු.මි. 50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකියි.

එම ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු වන අතර මෙම ණය යෝජනා ක්‍රමය තෝරාගත් බැංකු කිහිපයක් හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම බැංකු වන්නේ,ලංකා බැංකුව,මහජන බැංකුව,ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,හැටන් නැෂනල් බැංකුව,සෙලාන් බැංකුව,
සම්පත් බැංකුව,කොමර්ෂල් බැංකුව,ඩී.එෆ්.සී.සී. බැංකුව,ජාතික සංවර්ධන බැංකුව,නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,සණස සංවර්ධන බැංකුව,යුනියන් බැංකුව,
පැන් එෂියා බැංකුව,අමානා බැංකුව සහ කාර්ගීල්ස් බැංකුව යි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රු.මි. 10,000කි.

ඒ අනුව ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර 2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරෙයි.

එය මෙම වසරේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මක කරන බවසංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...