RCEP ගිවිසුමට අයදුම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය හා චිලී රාජ්‍යය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට(RCEP)එක්වීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍ර යොමු කර ඇති බව චීනය පවසයි.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම(RCEP)ක්‍රියාත්මක කිරීම ආරම්භ වී වසර 3කට පසු එම ගිවිසුමේ බලපෑම අඛණ්ඩව ව්‍යාප්ත වූ අතර එය ආසියා-ශාන්තිකර ආර්ථික ඒකීයකරණයේ ප්‍රධාන මාර්ගයක් බවට ද පත්ව ඇති බව චීනය සඳහන් කර සිටී.

2024 වසරේ RCEP හි ASEAN නොවන වාරික සභාපති රටක් ලෙස කටයුතු කිරීමේදී, චීනය නව සාමාජික රටවල් එම ගිවිසුමට එක් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත. එබැවින් මෙම නව අයදුම්පත් සලකා බැලීම සම්බන්ධව චීනය සිය සහයෝගය ලබා දෙනු ඇති බව ද වාර්තා වේ. වර්තමානයේ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ ඵලදායී මෙන්ම සාධනීය බලපෑම් අඛණ්ඩව ඉහළ නංවා ඇති බව ද චීනය පවසයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...