ගෙවින් ලින්ඩන් මුයිතායි සූරතාවය රැක ගනියි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 10 ,(LNW)කොළඹ :

ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් විද්‍යාත්මක දැණුමක් සහිත ශාස්ත්‍රපති උපාධිධාරියෙක් මෙන්ම මුයි තායි සටන් කලාවේ දක්ෂයෙකු වන ගෙවින් ලින්ඩන් ජනවාරි 7 සහ 8 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා මුයි තායි සම්මේලනයේ (SLMTF) ජාතික ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.


මුයි තායි තරඟවල ගෝලීය ප්‍රමුඛත්වය හිමිවන තායිලන්තයේ පැවැත්වෙන තායි සටන් ලීගයේ කාර්ඩ් චුවෙක් හි තරඟ කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වී සිටින ගෙවින් ලින්ඩන් 2023 වසරේදී මෙම බර කාණ්ඩයේ ශ්‍රී ලංකා මුයි තායි ජාතික ශූරයා ද වෙනවා.
ගෙවින්ගේ මුයි තායි සූරතා ගමණ 2022 දී ආරම්භ වූවක් වන අතර මේ සියල්ල සිඳු කෙරෙමින් ගෙවින්, බටහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සායනික හා සෞඛ්‍ය මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හමාර කරමින්,මුයිතායි ක්‍රීඩාවේ ජයග්‍රහණ අපේක්ෂාවෙන් අඛණ්ඩව විමුක්ති අබේනායකගේ විශේෂඥ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම්වලද නිරත වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...