ක්ලීන් ශ්‍රී ලංකා ගැන කියන්න ගිහින් චාමර සම්පත් නාගනී!

Date:

කොළඹ LNW: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට රජය රු. ලක්ෂ 09කට වඩා වියදම කර නොමැති අතර එවැනි බලාපොරොත්තුවක්ද නැති බව අද (10) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් රජය රු. ලක්ෂ 70ක් වැය කර ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත්කරන ලද සංඛ්‍යා සියල්ල අසත්‍ය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුමත වී ඇත්තේ රු.ලක්ෂ 09ක් බවත් තවම එම ගෙවීමද සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සම්ප්‍රදාය ලෙස ඒ වෙනුවෙන් කෝටේෂන් කැඳවු අතර මන්ත්‍රීවරයා පටලවා ගෙන ඇත්තේ එම කෝටේෂන් බවද අමාත්‍යවරයා සභාව හමුවේ කියාසිටියේය.

තවදුරටත් කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ දින චාමර සම්පත් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...