විපක්ෂයේ කිඹුල් කඳුළු වලින් වැඩක් නැහැ.සජිත් අනුර එන්න පෝලිම් වලට (VIDEO)

0
615

රට තුළ පවතින පෝලිම් ජාත්‍යන්තරයට ගෙන යාමට විපක්ෂ නායකවරයාට සහ ජවිපෙ අනුර දිසානායක හැකි හෙයින් කිඹුල් කඳුළු නතර කරන ජනතාව සමඟ පෝලිම් වලට පැමිණෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් විපක්ෂනායකතුමාට පවසන්නේ රෝහල්වලට බඩු බෙදීම පසෙකලා වහාම කිරිපිටි පෝලිමට,ගෑස් පෝලිමට පැමිණෙන ලෙස අවධාරණය කරන බවයි ඔහු සඳහන් කළේ.

රෝහල නඩත්තු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ඇති අතර විපක්ෂයට විදේශ ආධාර ලැබෙන්නේ නම් ජනතාවට භූමිතෙල් ලිප්,දරුවන්ට කිරිපිටි ටිකක් ලබාගැනීමට වෙහෙසෙන ලෙසද අසේල සම්පත් මහතා කියාසිටින ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here