*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/10

1. මැණික් කර්මාන්තය 2023 දී අපනයනයෙන් ඇ.ඩො. බිලියන 01 ක ඉලක්කයක් කරා ළඟා වන බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි – අගය එකතු කිරීමට (value-addition) අදාළ සියලු තාක්‍ෂණය සහ උපකරණවල තීරුබදු රහිත කරමින් මැණික්වලට අගය එකතු කිරීමට පහසුකම් සැලසීමට පොරොන්දු වෙයි – මැණික් පතල්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් සැලැස්මක් ස්ථාපිත කිරීම පිළිබඳව සහතික වෙයි – වර්තමානයේ මැණික් අපනයනය ඇ.ඩො. මිලියන 250 ක් පමණ වේ.

2. රජයේ ආනයන තහනම් කිරීම් සහ පාලනයන් හේතුවෙන් අපනයන ආදායම 2022 නොවැම්බර් මස ඇ.ඩො. මිලියන 994 දක්වා සියයට 17.9 කින් (ඇ.ඩො. මිලියන 217) දැවැන්ත අයුරින් හැකිලී ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි – 2022 ඔක්තෝබර් හි දී අපනයනය ඇ.ඩො. මිලියන 1,051 දක්වා සියයට 11.8 කින් (ඇ.ඩො. මිලියන 141) පහත වැටිණි – ඇඟලුම් කම්හල් හිමියන් පවසන්නේ මෑත කාලයේ ඇණවුම්වල සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බවයි.

3. ඉන්දු-ලංකා ගිවිසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල දේශපාලන අරමුණු සඳහා සහාය වීමට “තම අධිකාරිය ක්‍රියාත්මක කරන ලෙස” දෙමළ ජාතික සන්ධානයේ පා.ම. එම්.ඒ. සුමන්තිරන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියි.

4. ඉදිරි පළාත් පාලන මැතිවරණය හමුවේ සමඟි ජන බලවේගය කලබලයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි – සමඟි ජන බලවේගයෙහි නායක, ප්‍රධාන ලේකම් සහ ජාතික සංවිධායක විසින් මෑත කරන ලද ප්‍රකාශ තුළින් එය පැහැදිලි වන බව කියා සිටියි.

5. මේ වන විට ලක්ෂ පහක පමණ නරඹන්නන් පිරිසක් නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ කළමනාකරණ ප්‍රධානී ප්‍රසාද් සමරසිංහ ප්‍රකාශ කරයි – එමඟින් රු. මිලියන 268 කට අධික ආදායමක් ලැබී ඇති බව ද පවසයි.

6. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මාස 48 ක කාලයක් තුළ ලබා දීමට නියමිත ඇ.ඩො. බිලියන 2.9 පහසුකම සඳහා වන පූර්ව කොන්දේසියක් වන රජයේ ආරක්ෂක වියදම් කප්පාදු කිරීම ඉක්මනින් සිදුකිරීමට එම අරමුදල කටයුතු කර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – එහෙත්, හමුදා වියදම් පියවරෙන් පියවර කපා හැරීමේ කොන්දේසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති බව ද පිළිගනී.

7. 2022 මාර්තු පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමට පෙර වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රජයෙන් ඉල්ලා සිටියි – මැතිවරණය පසු දිනක පැවැත්විය හැකි බව ද පවසයි.

8. ගාස්තු වැඩි කරනු ලබන, පිරිවැය පරාවර්තනය කරන විදුලි ගාස්තු සංශෝධන සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි – මෙම සූත්‍රය හරහා විදුලි ගාස්තු ඉහළ දැමෙන මුත්, එය ක්‍රියාත්මක කෙරෙන කාලරාමුවක් සඳහන් නොකරයි.

9. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතුය යන්න පවසන්නේ යම් සෙයින් ද, ඒ අන්දමින්ම ඇය එල්ටීටීඊ ප්‍රහාරවලට ද වගකිව යුතු බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

10. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඒ ඒ ආයතනවල අරමුදල්වලින් උපයනවිට බදු ගෙවීම (PAYE) තහනම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan