පෙන්ශනුත් ප්‍රමාදයි. වැඩිහිටියන් බැංකු අසල පෝලිම්වල

Date:

අද (10) දිනයේදී විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පැමිණි වැඩිහිටියන් බැංකු අසල පෝලිම්වල රැඳී සිටින ආකාරය ප්‍රදේශ රැසකදී දැකගැනීමට හැකිවිය.

බැංකු නිලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ විශ්‍රාම වැටුප් මුදල් තවමත් බැංකු ගිණුම්වලට ලැබී නොමැති බවයි.

ඒ අනුව විශ්‍රාමිකයින් බලාපොරොත්තු සුන්ව බැංකු අසල පෝලිම්වල රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මහාභාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අතර රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ගෙවීම දැඩි ලෙස අර්බුදකාරී වී ඇති බවත් සමෘද්ධි සහනාධාර ලබාදීම සතියකින් හෝ දෙකකින් ප්‍රමාද වනු ඇති බවත් අද පෙරවරුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...