ඉක්වදෝරයේ රූපවාහිනී මැදිරියක් වෙත තුවක්කුකරුවන් කඩා පනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියක් වෙත නාදුනන තුවක්කුකරුවන් පිරිසක් කඩා වැදී කාර්යය මණ්ඩලයට තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරකයින් පසුව ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු සමග පිටව ගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.

Choneros කල්ලියේ ප්‍රධානියා ඔහුගේ සිර මැදිරියෙන් අතුරුදහන් වීමෙන් පසු, පසුගිය සඳුදා දිනයේ ඉක්වදෝරයේ දින 60ක හදිසි තත්ත්වයක් ආරම්භ විය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වැදීම Choneros කල්ලියේ ප්‍රධානියා වන Adolfo Macías Villamar එම නගරයේම බන්ධනාගාරයකින් අතුරුදන් වීම හා සම්බන්ධද යන්න පැහැදිලි තවමත් පැහැදිලි නැති බවයි.



ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටියේ Fito යන අන්වර්ථ නාමයෙන් බවද සඳහන් වේ.

ඊයේ (09) දිනයේදී කෙසේවෙතත් ජනාධිපති ඩැනියෙල් නොබෝවා කියා සිටියේ රට තුළ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක් පවතින බවයි.

එහෙයින් ජාතික සංවිධානාත්මක අපරාධ, ත්‍රස්තවාදී සංවිධාන සහ සටන්කාමී රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් උදාසීන කිරීමට හමුදා මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් සන්නද්ධ හමුදා බලමුලු ගන්වන බවත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...