කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් (Vice Admiral Sir Timothy Laurence) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
මෙම රාජකීය යුවල දින තුනක් මෙරට රැඳී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ සිටින අතර බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙම වසරේ පළමු සංචාරය ද මෙයයි.
ඈන් කුමරියගේ මෙරට සම්ප්‍රාප්තිය අවස්ථාවේ දර්ශන කිහිපයක් ද පහතින් දැක්වෙයි.
ASK