මත්පැන් මිල තවත් වැඩිකරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත.

ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන්.

දැනටත් මත්පැන් මිල පාරිභෝගිකයින්ට දරාගැනීමට අපහසු මට්ටමක ඇති අතර ජනතාව නීතිවිරෝධී මත්පැන් කරා යොමුවීම වැඩිවී ඇතැයි පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා වී තිබිණි. නැවත වතාවක් මත්පැන් සඳහා බදු වැඩිකර ඇත්තේ එවන් පසුබිමක් තුළ ය.

මෙම බදු වැඩිකිරීම ඊයේ (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...