බන්ධනාගාර රෝහලෙන් සිරමැදිරියකට යැව්ව දුමින්ද සිල්වා අද ජාතික රෝහලට!

Date:

කොළඹ LNW:බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) වැලිකඩ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කළ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්ව සිටින දුමින්ද සිල්වා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ පැය කිහිපයක් තුළ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස කොළඹ ජාතික රෝහල ඇතුල් කර ඇති බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි වීමෙන් පසුව ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර ඉන් පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වී තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදුන් පසුව දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කෙටි කලක් කටයුතු කරන ලද අතර ජනාධිපති සමාව අහෝසි වීම නිසා යළි ඔහුට ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම ක්‍රියාත්මක කෙරිණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...

Tasty Tuesdays: ඉන්දියාවේ රස රහසක තවත් වට්ටෝරුවක්! Masala Dosa: India’s Golden Crunch That Won the World

සටහන – පුලී ජනවාරි 06, කොළඹ (LNW): ඉන්දියාවට ආවේණික රස...

පැරදුණෙත් නැති සම වුණෙත් නැති එකම කණ්ඩායම ලෙස නිව් ස්ටාර් ඉදිරියට

නිශ්මං රණසිංහ ජනවාරි 06, කොළඹ LNW: සුප්‍රීම් චැම්පියන්ස් පාපන්දු ලීග්...

WealthTrust Securities අද සිට කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අරඹයි!

කොළඹ LNW:WealthTrust Securities Limited (“WTS”) සමාගමේ මූලික මහජන කොටස්...