පළාත් පාලන ආයතනවල ජන්දය වසරකින් කල් දැමීම තුළ ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුව විසින්ම තේරුම් ගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
ඒ, අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
ආණ්ඩුව සාර්ථක නම්,සමස්ත ඇමතිවරු දක්ෂ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු නීතිමය ගැටළුවක් මෙන්ම දේශපාලන ගැටළුවක්ද නැති මොහොතක එය වසරකින් කල් දමන්නේ ජනතාව ඉදිරියට ගොස් ජන්දයක් ඉල්ලීමේ නොහැකියව නිසා බවද විජේසිරි මන්ත්‍රීවරයා පවසන ලදී.
ASK