*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පාපන්දුවේ රංගාවේශය


ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව තිබෙන්නේ කීර්තයේ පතුළේය.එයට ගොඩ ආ හැකි මඟක් පෙනෙන්නට ඇත්තේම නැත.දැන් මේ අවුලට රටේ වත්මන් අවුලට අවුරුදු හැත්තෑ ගණනක් පටලවාගෙන කතා කරනවා මෙන් වටේ නොයා යුතුය.රට කඩා වැටීමට ප්‍රධානම හේතුව 2019 පත් වූ ජනාධිපති සහ ආණ්ඩුව ගත් තීරණය.මේ මන්සගාත දේශපාලන වැඩ ක්‍රීඩා පාපන්දුවට ද බලපෑවේය.
ඒවා දුර ඉතිහාස කතාවලට අමුණන්නට නොගොස් මෑත ඉතිහාසය සැළකිල්ලට ගැනීම වැදගත්ය.වත්මන් පාපන්දු පරිපාලනය මෙහෙය වූ පුද්ගලයා ලෙස ජස්වර්ට එල්ලවන චෝදනාවල තියෙන්නේම දේශපාලන උවමනාවන් නිසා පාපන්දුව පාවිච්චි කරන්න යාමේදී ඇති වූ ගැටළුය.නමුත් ඒ සඳහා ජස්වර් වරදට කොටු කිරීම හැර ඒ දේශපාලනයේ බලපෑම තේරුම් ගත් බවක් පාපන්දුවෙන් පෙනෙන්නේ නැත.ඒ ඒ වෙනුවට තවත් දේශපාලකයෙකුගේ පස්සේ යෑම මැනවි යැයි ජස්වර් විරෝධීන් තීරණය කරන්නට පෙළැඹි ඇති නිසාය.
ජස්වර් සිතුවේ රාජපක්ෂවරු යනු සදාකාලිකය යන්නය.හරියට ප්‍රතිපාර්ශවය නියෝජනය කරන අලුත් තේරීමත් එබඳුය.තමන්ව විශ්වාස කරපු ජනතාව,ජනතාව තමන්ව බලයට රැඟෙන ආ දේශපාලන පක්ෂය යන සියල්ල නොසළකා පමණක් නොව තමන්ට තමන්ගේ ජාතියට වැරදි විදිහට සැළකූ,රාජපක්ෂවරු සරණ යාමය.ජස්වර් පාපන්දු තනතුරේ රැඳී ඉන්නට කළේ අමාත්‍යවරයාව පිනවන දේශපාලන ව්‍යාපෘති සඳහා අත දිග හැර වියදම් කිරීමය.ඔහුට රටේ හතර කොණ පාපන්දුව සමඟ ඔට්ටුවන අහිංසක පාපන්දු ක්‍රීඩකයින් අමතකව ගියේය.අමාත්‍යවරයා සහ තමන්ගේ ඕනෑම දේකට ලොසින්ජරයක් දී සැනසිය හැකි ඡන්ද දායකයන් බහුතරයක් යන තැනට ජස්වර්ගේ පාපන්දුව පටු විය.ඒ අතර හෙමින් සීරුවෙ නහය විද,ජස්වර්ව දේශපාලන චරිතයකට ද අන්දන බවක් දැණුනේ ජස්වර් පාපන්දු තරග සඳහා ආදිය අඳින්නට පළදින්න පටන්ගත් ආකාරය නිසාය.කෙසේ හෝ අද එල්ලවන මූල්‍යමය අපැහැදිළිතා සියල්ලේම පාහේ කෙළවරක, ඒ වැයකිරීම් දේශපාලන සැරසිල්ලකට බව පැහැදිළිය.
මාධ්‍යවේදීයෙක් සේ ජීවිතය ජනතාව අතරට රැඟෙන ගිය පාපන්දු මුල් පුටුවට පැමිණෙන්නට වෙර දරණ ශ්‍රී රංගා එම වෘත්තීය ගෞරවය දේශපාලනයට පිවිසෙන්නට පාවඩයක් කර ගත්තේය.ඉනික්බිති එම පාවඩය හකුළා වීසි කර තමන්ට ඡන්දය දුන් ජනතාව සහ පාක්ෂිකත්වයේ මුල් අපේක්ෂාවන් අතර තිබූ රාජපක්ෂ විරෝධයට පයින් ගසා තමන්ගේ දේශපාලන භූමිකාව සහ ජනතාව දුන් මහජන නියෝජිතත්වය වැඩි බලගතු චරිතයක් වන්නට රාජපක්ෂවාදීත්වයට හැරෙව්වේය.ඔහුගේ විකිපිඩියාවේ පෙන්නා දෙන්නේ ඔහු සිය විශ්ව විද්‍යාල ජීවිතයේදී පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් බවය.ඒ හරහාම ඔහු රාජපක්ෂ සමීපයෙක් බවත්,ජස්වර්ගේ සමීපතම දේශපාලන චරිතය වූ නාමල්ගේ සමීප මිතුරෙක් බවත් හඳුන්වා දෙන්නේය. .
ශ්‍රී රංගා ඉගෙනගන්නේ වව්නියාවේ සහ යාපනයේ ය.ඉතාමත්ම තීරණාත්මක මොහොතක මහින්ද රාජපක්ෂගේ පළමු වසර පහ කෙරෙන හැටියම පීඩාකාරී එකක් බවට පත් වී තිබිණ.එවකට ඔහු ඒ පාලනයට එරෙහිව සිරස රූපවාහිණියේ සිටි අභිත දෙමළ මාධ්‍යවේදියාගේ භූමිකාවේ අපූරුවට දස්කම් දක්වමින් සිටියේය.නමුත් ඒවා උතුරේ දෙමළ ජනතාවට වඩා කඳුකර දෙමළ ජනතාවගේ ආකර්ශණයට සහ දකුණේ තිබෙන සම්ප්‍රදායික දේශපාලන කියවා ගැනීමට වැදගත් වූ ඒවා විය.තමන් කුඩා කළ සිට අත්විඳි උතුර වෙනුවට ලංකාවේ දකුණේ දේශාපාලනයේ දෙමළ සම්බන්ධයට සමීප වන අන්දමේ ආකෘතියක ඔහු ක්‍රියාත්මක විය.
ඉනික්බිති ඒ මාධ්‍ය හපන්කම ඔහු දේශපාලනයේ ප්‍රවිශ්ඨයට යොදා ගත්තේය.උතුරේ පීඩිත දෙමළ ජනයාගේ ප්‍රශ්ණවලට වඩා, බරපතලකමෙන් අඩු කදුකර දෙමළ මිනිස්සුන්ගේ සබඳකම් ඇති, දකුණේ දේශපාලනයේ පහසු වැඩේ ඔහු තෝරා ගත්තේය.ඔහු නුවරඑළියෙන් ජය ගත්තේය.ඒ වන විට මහින්ද රාජපක්ෂ රජය සමස්ත ජනතාව කෙරෙහි ද,සුළු ජාතිය කෙරෙහිද ඇති කළ බලපෑමට විරුද්ධව සහ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය ගේ පවා උදහසට ලක් වූ බව පෙනෙන්නට තිබුණු ශ්‍රී රංගා ගේ ඒ මාධ්‍යවේදීකම,ඔහු මන්ත්‍රීවරයෙක් බවට පත් කළේය.එහි පදනම මහින්ද රාජපක්ෂ විරෝධය ය.
නමුත් කාලයාගේ ඇවෑමෙන් තමන්ට වැඩි බලයක් ලබා ගැනීමට හැකි රාජපක්ෂ කඳවුර වෙත ශ්‍රී රංගා සේන්දු වන්නේය.තමාවද යම් යම් පහරදීම්වලට ලක් කරන ලද රාජපක්ෂ ආණ්ඩුවේ දෑත ශක්තිමත් කරමින් රටේ අඳුරුතම දේශපාලන යුගයක් වූ මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාලයේ ඒවා අනුමත කරමින් වැඩ කළ දේශාපාලන චරිතයක් හැටියට ශ්‍රී රංගා හැඳින්විය හැකිය.ජනතාව ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කරන මොහොතේ ද ශ්‍රී රංගා සිටියේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අපෙක්ෂාවෙන්ය.
එපමණක් නොව, ඒ කාල වකවානුවල සහ 2015 සිට ඉදිරියටත් රාජපක්ෂලාගේ බලය හරහා මේ රටට යම් අවැඩක් වී ඇත්නම් එම පවුලේ අතිශය සමීපතමයෙක් බවට පත්ව හැසිරුණු ශ්‍රී රංගා ද ඊට අනුබලය දුන් කඳවුරේ අයෙක්ය.ඔහු පසුව සිය විකීපීඩියා දත්ත සටහනේද මහින්ද රාජපක්ෂ පවුල සමඟ අතිශයින් හිතවත් නාමල් රාජපක්ෂගේ සමිපතම මිතුරෙක් සේ හඳුන්වා ඇත්තේ ඒ සියල්ල මේ දේශපාලන පොළවේ ්‍යතාර්තය වන බැවින්ය.
අපට ජස්වර් ගැන කියන්නට ඇත්තේ ඔහු වැරදි බවය.නමුත් ඒ වැරදි විමසද්දී ජස්වර් හරියට සිනමා පටයක් බලන්නට ගොස් අනිත් අය වෙනුවෙන් ටිකට් ගන්නට පෝලිමේ හිටගෙන ඉන්න කෙනෙක්ය.ඒ ටිකට්පත්වලට තවත් හිමිකාරයෝ වෙති.සමහර විට ඒ හිමිකාරයන්ට තමන් ඒ දර්ශනය බැලීමට නොපැමිණි සේ සිටින්නට අවශ්‍යයනම් ඒ පහසුකම සළසන්න ශ්‍රී රංගා වුව ඉදිරිපත් වන්නට ඉඩ ඇත.පෝලිමේ තැබූ එකාට හෝ ඒ පිටුපස සුව පහසුව හිටු එකෙක්ටවත් හානියක් වන්නේ නැත.හරියටම දෙපැත්තටම හොරු කියා ගත්ත ද වත්මන් දේශපාලනයේ හොරු කියා ගත් දෙගොල්ලම එකතු වෙන අයුරෙන් එකට එක්ව වැඩ කරන කඳවුරකට යන්නට ශ්‍රී රංගාට නොහැකි මන්ද?
නැවතත් අපි සළකා බලමු.ශ්‍රී රංගා එක්සත් ජාතික පෙරමුණෙන් බලයට පත් වුණේ මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව සමාජ විරෝධය ජාතිවාදිය පැතිරවීමට පාන විරෝධය වැනි ඔහුටත් බලපාන ලද බොහෝ අසාධාරණයන් සමඟය.නමුත් ඔහුට පෞද්ගලිකව බලය පුළුල් කර ගන්නට ලද අවස්ථාවේ පත්වීමට සහ ජනතාව පත් කිරීමට බල පෑ සියලු කරුණුවලට පසුපස හරවා, මහින්ද ගේ තුරුල්ලට ආවේය.එවැනි දේ ට අවස්ථාවාදය යැයි කීම වැරදි නැත.තමන්ට පහසු ඉරියව්ව කුමක්ද යැයි තීරණය කරන්නට ශ්‍රී රංගාට අවස්ථාව ආ විට පාපන්දු මුල් පුටුවට ගෙන එන ලද්දේ කවුද යන්න ඔහුට අදාළ වෙනු ඇද්ද?මහා ජනවරමකින් මිනිස්සු අපේක්ෂා කරපු දේ තමන්ගේ උවමනාවට අනුව පසෙකට වීසි කරන්නට රංගාට හැකි විණිනම්, ක්‍රීඩා සමාජ ඡන්ද සිය ගණනක බහුතරයකගේ ගෞරවය රැක ගැනීම ඔහුගේ අවශ්‍යයතාවය විය හැකිද?
දේශපාලනිකව සහ ආත්මීයව තමන්ව පිරිහෙන්නට දුන් ශ්‍රී රංගා පසුව තමන්ගේ මාධ්‍ය කේෂ්ත්‍රයේ ද ගෞරවය සිඳ ගත් අයෙක් විය.ඇතැම් ආයතනවලින් ඔහුට පිටව යන්නට වන තරමට මාධ්‍ය සේවකයන් අතර ද ඔහුගේ විශ්වාසය පළුඳු කර ගත්තේය.ඒ අනුව දේශපාලනයට ඔහු හසුරුවන්නට දී තිබුණ කීර්තිය ද නැති කරගත් අයෙක් බවට පත් වූ දක්ෂයෙක් යන්න මිස ශ්‍රී රංගාට දේශපාලනය නිසා අත් වූ කීර්තියක් නොපෙනේ.බලය නිසා බලපෑම් කළ හැකි චරිතයක් වන්නට ගත් උත්සාහය අවසානයේ ඔහුව පුද්ගල ගෞරවය අතින් සිටි තැනටත් පහළට දමා නිමා කළේය.
දේශපාලනය විසින් මේ ඉරණම අත් කිරීම නිසා දේශපාලනයම යොදා ගෙන ගොඩ ආ යුතු බව ශ්‍රී රංගා පාර්ශවය නියෝජනය කරන පාපන්දුවේ ඇතැමුන්ගේ අදහසය.ලිං කටින්ම ලිඳට වැටි එකා ගොඩ ආ යුතුය යන සංකල්පය මීට පාදක කර ගන්නේය.ඇත්තටම පාපන්දුව ලිඳ ට තල්ලු කර නැත.පාපන්දුව තියෙන වටේට සහ ඉන් යටින් එම බිම ඉවත් කර පාපන්දුවට වලට බහින්නට වැඩ සකස් කළේ දේශපාලකයන්ය.ඒ නිසා දේශපාලකයින්ගෙන් වටේ හෑරු ආයුද රැඟෙන වලේ සිටින දේ ගොඩට එනකම් නැවත වල පිරවිය යුතුය.පුරවාගෙන උඩට පැමිණ වලෙන් ඉහළ සිටින දේශපාලනය වලට දමා පාපන්දුවට පාපන්දු අනන්‍යතාවයක් ඇති කර ගත යුතුය.
ශ්‍රී රංගා යනු තවත් දේශාපලන රංගයක්ය.පාපන්දුවට කිසිවක් නොවනු ඇත.පොළවේ සිටින මිනිසෙක් නැති තරමට පාපන්දුව හැකිලී තිබිම දුංඛදායක තත්ත්වයකි.පාපන්දු ක්‍රීඩා කළ අය පසුබසින්නේ නැතුව හරිම තීරණයේ සිටිනවානම් දේශපාලකයන් නැතුව මේ පුටුවට ගෙන ඒමට ඕනි තරම් මිනිස්සු හොයා ගැනීමට බැරි නැත.ඉතිහාසයේ කරපු වරදම කරන්නට තවත් කෙනෙක් තෝරා ගැනීමෙන් ඔබ්බට දෙයක් අපට රංගාගේ පාපන්දු තනතුරු අපේක්ෂාවේ පෙනෙන්නේ නැත.
මුං ඔක්කොම යාළුවො මල්ලි.
රන්ජන් රාමනායක තව කොච්චර කිව්වත් මිනිස්සු නොනැවතී රැවටෙනු ඇත.නාමල් රාජපක්ෂ සර්ව බලධාරී බව සිතූ ජස්වර්ගෙන් පසු නාමල්ගේ හොඳම මිතුරෙක් බවට සිය විකිපීඩියාව පවා කරුණු සටහන් කර තිබෙන්නෙක් ඒ පුටුවට ගෙන ඒම විසුළු සහගත සාධාරණය අපෙක්ෂාවක්ය.
දැන් තරහයි නේද?
අපට ඒ ප්‍රශ්ණයට අදිය හැකි පිළිතුර මේ වන කොට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පෙන්වා දී අවසන්ය.ගමේ පාක්ෂිකයන්ට මුහුණට මුහුණ බලන්නට බැරි තරමට අපවාද අවලාද කියාගත් පක්ෂ දෙකක නායකයින් තමන්ට එකතුවීමට හැකි බව පිළිගෙන අවසන්ය.
ජස්වර් සිය පාපන්දු පුටුවේ ආරක්ෂකයා දේශපාලන බලධාරියා සේ සිතා,ඔහුව පිනවීම පාපන්දුවේ තමාගේ පැවත්ම බව සිතූ සිහිනය දුටු අයෙක්ය.ශ්‍රී රංගා ඊට වෙනස් ය.දේශපාලනය පුරාවටම එකක් යොදා ගෙන තව එකකට ගොඩවෙන්න මඟ සාදාගත්තා විනා නැඟි ඉණිමඟට ගරු කළ අයෙක් නොවේය.පළමු ඉණිමඟ වූ මාධ්‍ය වෘත්තියේ දී ද අවසානයේ මාධ්‍ය සඟයන්ගේ විරෝධය මත රැකියාව දමා එන්නට වන තරමටම ඔහු සිය බලය පුළුල් කර ගන්න හදන වෑයම්වලදී ප්‍රතික්ෂේප වූවේක්ය.
වැඩේ තියෙන්නෙ අද ද නිලවරණයට ජස්වර් ආවොත් ඔහුට බලයක් ඇත.ශ්‍රී රංගාටද බලයක් ඇත.එය තීරණය කරන ඉහළ චරිතවලට, ගමේ ගොඩේ පාපන්දු ක්‍රීඩා කරන්නට බලා සිටින මිනිස්සු වැදගත් නැත.තැලෙන පොඩිවන පංතිය විසින් හොබවන පාපන්දු ක්‍රීඩා කරන මිනිස්සු මේ සෙල්ලම්වලට එරෙහිව පාපන්දු නිවස වටලන දිනයකට එන තරම් කෝප ගන්වන තීරණ ඔවුන් නියෝජනය කරන මිනිස්සු ගෙන ඇත.මේ සෙල්ලම දවසක පාපන්දුව මේ පොළවේ සැබෑ ක්‍රිඩාවක් වන තරමට පෙරළෙන්න පාපන්දු පරිපාලනයට ඡන්දය දෙන එන මිනිස්සුන්ට බලපෑම් කරන තරමට පාපන්දු ක්‍රීඩා කරන ඊට ආදරය කරන පොඩි මිනිස්සු එකතු විය යුතුව ඇත.එතෙක් විවිධ වියරු වැටුණු රංගාවේශවලට පාපන්දු පිට්ටනිවල රඟන්නට ඇති ඉඩ සුරක්ෂිතව තැබෙනවා ඇත.
රංගා ගැන ඉතාම සරල කොට අපි මෙසේ අසමු.
ඔබ මාධ්‍යවේදියෙක් විදිහට ගොඩ නඟාගත් කීර්තිය පදනම් කරගෙන පාර්ලිමේන්තුවට ආවා ද නැද්ද?
ඔබට මහජන වරම ලැබුණේ කුමන පක්ෂයකින්ද?
ඔබට ලැබුණ ඡන්දවල තිබුණ මහින්ද රාජපක්ෂ විරෝධය නොසළකා ඔබ මහින්ද රාජපක්ෂ කඳවුරට ගොස් ඔවුන්ගේ සමීපතම හිතවතෙක්ව, ඔබට මහජන නියෝජිත වරම දුන් ජනතාවට එරෙහි මතයක් දරමින් ඔවුන් දුන් බලයේ වරප්‍රසාද භුක්ති වින්දා නොවේද?
ඔබ 2015 දී ද සිටියේ මහින්ද රාජපක්ෂ කඳවුරේම නියෝජිතයෙක් හැටියට නොවේද?
ඔබ මාධ්‍යවේදියෙක්ව දේශපාලනයට පිවිස පසුව මාධ්‍ය පරිපාලකයෙක්ව මාධ්‍ය වෘත්තිකයන් අතින් ප්‍රතික්ෂේපව ඉවත් වෙන්නට තරමට පිරිහුණේ,දේශපාලනය සහ ඊට අදාළ බලය විසින් ඔබට තුළ ඇති කළ ආකල්පමය වෙනස්කම් නොවේද?
දැන් ඔබ පාපන්දු පරිපාලනයට පිවිසෙන්නේනම් ඉහත ඔබ විසින් පෙන් වූ සියලු චරිත වසා දමා ඔබේ බලය දෙවැනි කර සිතා පාපන්දු ක්‍රීඩාව බලවත් කරනු ඇතැයි සිතන්නට විශ්වාස කළ හැකි සාධකය කවරේද?
එසේම අද ශ්‍රී රංගා වෙනුවෙන් පෙනී සිටින අය, ඔහු බලයට පැමිණ ටික දවසකින් “කවුද හිතුවෙ අප්පා මෙහෙම වෙයි කියා” යනුවෙන් නැවත නිපොන් හෝටලයට කැඳවා කියන දිනයක,අපට ලියන්නට වන්නේ පාපන්දු ක්‍රීඩාව තිබියදී එහි පරිපාලනය වඳව, අලුතින් පරිපාලකයන් උත්පාදනය වන තුරුම,ඉන්න වර්ගය පවතින දේශපාලනයට හැමදාම රැවටෙනු ඇති බවය.
අප මේ සමඟ පළ කරන ඡායාරූපය වැදගත්ය.මාධයවේදියෙක් සේ රංගා කටයුතු කරන අවධියේ තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් වේ යැයි සිතූ ඩග්ලස් දේවානන්ද මෙහි රාජපක්ෂවරුන් සහ රංගා සමඟ සිටින්නේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan