මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදී තිබුණු සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) ස්ථිර කෙරිණි.

ඒ, ඔවුන් විසින් ගොනුකර තිබුණු අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

2018 වසරේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරාදීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගනිද්දී ඔවුන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඊට අදාළව චෝදනා 24ක් යටතේ ඔවුන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර එහිදී කුසුම්දාස මහානාම යන අයට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් හා රුපියල් 65,000ක දඩයකුත් පියදාස දිසානායක යන අයට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් හා රුපියල් 50,000ක දඩයකුත් නියම කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...