සංශෝධිත බදු පනතට එරෙහිව වෛද්‍යවරු කළු සතියක් නම් කරයි! (VIDEO)

Date:

සංශෝධිත ආදායම් බදු පනතට එරෙහිව එළඹෙන 23 වැනිදා කළු සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

ඒ, අද (11) සංශෝධිත බඳු පනතට එරෙහිව වෛද්‍යවරුන්ගේ අත්සනින් සකස් කරන ලද සන්දේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බදු ගෙවීමට නොහැකි බවට කිසිලෙසකින්වත් නොපවසන නමුත් බදු ගෙවීම සාධාරණ විය යුතු බවත් සම්මත කර තිබෙන බදු සංශෝධන පනත හරහා දැඩි අසාධාරණයක් සිදුව තිබෙන හෙයින් එය සාධාරණ ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලමින් එම සංදේශය භාර දී තිබේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රජය කිසිලෙසකින්වත් ෆිනෑන්ස් කොම්පැනියක් ආකාරයෙන් ක්‍රියා නොකළ යුතු බවයි.

කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොවන්නේ නම් රටේ මේ වන විට පවතින සෞඛ්‍ය ප්‍රශ්න, බදු ඇතුළු සියලු කාරණා මුකරගනිමින් දැවැන්ත ජනතා විරෝධයක් මතුකිරීමට ක්‍රියා කරන බවද අලුත්ගේ මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...