සංශෝධිත බදු පනතට එරෙහිව වෛද්‍යවරු කළු සතියක් නම් කරයි! (VIDEO)

Date:

සංශෝධිත ආදායම් බදු පනතට එරෙහිව එළඹෙන 23 වැනිදා කළු සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

ඒ, අද (11) සංශෝධිත බඳු පනතට එරෙහිව වෛද්‍යවරුන්ගේ අත්සනින් සකස් කරන ලද සන්දේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බදු ගෙවීමට නොහැකි බවට කිසිලෙසකින්වත් නොපවසන නමුත් බදු ගෙවීම සාධාරණ විය යුතු බවත් සම්මත කර තිබෙන බදු සංශෝධන පනත හරහා දැඩි අසාධාරණයක් සිදුව තිබෙන හෙයින් එය සාධාරණ ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලමින් එම සංදේශය භාර දී තිබේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රජය කිසිලෙසකින්වත් ෆිනෑන්ස් කොම්පැනියක් ආකාරයෙන් ක්‍රියා නොකළ යුතු බවයි.

කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොවන්නේ නම් රටේ මේ වන විට පවතින සෞඛ්‍ය ප්‍රශ්න, බදු ඇතුළු සියලු කාරණා මුකරගනිමින් දැවැන්ත ජනතා විරෝධයක් මතුකිරීමට ක්‍රියා කරන බවද අලුත්ගේ මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...