සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 11 කොළඹ (LNW): අද (11) දිනයේ සිට සතියක කාලයක් ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.
එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇