සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීකයින් රැසක් අද (11) සිට සංකේත වැඩ වර්ජනයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන්නැයි ඉල්ලමින් , කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් වෘත්තීකයින් රැසක් අද (11) සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ , අද උදෑසන 6.00 සිට හෙට උදෑසන 8.00 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි. තවද, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

රුපියල් 35,000ක දීමනාව ඔවුන්ද ඉල්ලා සිටී.

ඊයේ (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව , අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...