අධික වැස්ස ජන ජීවිතය අඩාල කරයි! අග්නිදිග විශ්වවිද්‍යාලයත් වැසේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයත් සීමා කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): පවතින ජල ගැලීම් හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

නේවාසිකාගාරවල සිසුන්ට ඉන් ඉවත් වන්නැයි දැනුම් දී ඇති බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය , මේ හේතුවෙන් තාක්ෂණ විද්‍යා පීඨයේ විභාග ද කල් දමා ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්, මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, ඒ හේතුවෙන් අද (11) උදෑසන 6.05 ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උදයදේවී දුම්රිය අවලංගු කළ බවයි.

මේ හේතුවෙන් ඊයේ මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...