යුක්තිය මෙහෙයුම ගැන ඇමෙරිකාවේ කනස්සල්ල!

Date:

කොළඹ LNW:මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව දියත් කර තිබෙන යුක්තිය මෙහෙයුමේ දී සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ඇමරිකාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ඇමරිකානු මෙරට නියෝජිතවරිය වන ඇමරිකානු තානාපතිනි ජුලී චෑන්ග් මහත්මිය පවසා තිබුණේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන ආකාරයට එය සිදු කිරීම අවශ්‍ය බවයි.

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුවන සෝදිසි කිරීම්වල දී කුරිරු, අමානුෂික සහ අවමංසහගත දෑ සිදුවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයද යොමු වී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ තවත් සිවිල් සංවිධාන රැසක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනීතික ක්‍රියා පිළිබදව විරෝධය පළකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...