*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

හරීන්ගෙන් පරිස්සම් සහගත ඉණිමක්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට වෙත පැන වූ තහනම කවුරුන් කෙසේ විග්‍රහ කළ ද,වැදගත් වන්නේ,එයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙන අර්ථයයි.එයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණි දේශපාලන බලපෑමයි.මේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතා පරමාධිපත්‍ය බිඳ දමමින් පාලිත දේශපාලනය හැසිරෙන විට එය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත වාර්තා කිරීම මේ රටට අමුතු දෙයක් නොවන බව අපි දනිමු.ඒ ආකාරයටම මෙරට ජාත්‍යන්තර සංවිධානයකට අයත්, දේශිය නියොජිතායතනයක් ලංකාවේ දේශපාලනය විසින් යම් ආකාරයක පීඩාවකට ලක් කරන බව වාර්තා කළ යුත්තේ ද,ඒ නියෝජිතායතනය බැඳි තිබෙන ජාත්‍යන්තර සංවිධානයටයි.


මේ රටේ ක්‍රීඩා පනතේ වසර 50 ක් පරණ අලුත් සහ නමණීය නොවුණු නීතිමය රාමුව යටතේ දේශපාලන බලය දියත් කිරීම,රටේ පවතින නීතිමය තත්ත්වයන් යටතේ අභියෝගයට ලක් වුණු අවස්ථා එමටය.එවැනි තත්ත්වයන් දිගින් දිගටම පවතිද්දී සිඳුවිය යුත්තේ ජාත්‍යන්තර සංගමකයකට නොව අඩුම තරමේ රටේ වෙනත් නීතිමය තත්ත්වයන් ඉදිරියේ නිශේධනය නොවන පරිදි ක්‍රීඩා නීතිය ද යාවත්කාලීන කිරීම හෝ සමස්ත නීතිය ඉදිරියේ ක්‍රීඩා නීතිය අභියෝගට ලක්වීම වැළක්වෙන ආකාරයට ප්‍රායෝගිකව ක්‍රියා කිරීමයි.


නමුත් හිටපු අමාත්‍යවරයා මෙන්ම ඔහු හරහා යම් යම් මඟ හැරුණු කාරණා ඉටු කිරීම සඳහා ක්‍රිඩා අමාත්‍යවරයාට සමීපව සිටි පිරිසගේ උපදේශ ද අනුව ක්‍රීඩා අමාත්‍යවරයා කළේ දිගට හරහට පිත්ත වැනීමෙන් ක්‍රිකට් දවාගෙන තමන් ද දැවී යාමය.ඒ තත්ත්වය තුළ පත් වූ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරුණු වගකීම වූයේ ඉණිම නැවත ගොඩ නැඟීමය.ඒ ඉණිම ගොඩ නැඟීමේ වගකීමට වැටෙන ප්‍රධාන කාරණය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමය.ඒ ඉවත් කර ගැනීමේ කාර්යයයේදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ පිත්ත හැසිරවීමේදී කල්පනාකාරී විය යුතුය.”ක්‍රිඩා ඇමතිවරයා ලෙස වසර 50 ක් පරණ පණතේ අභිමානය සහ වලකීම මත පැවරී ඇති බලකල අනුව මට නොකළ හැකි දෙයක් නැත” වැනි අතාර්තික කරුණු සහිත පහරවල්වලට යාමෙන් විය හැක්කේ අමාත්‍යවරයා දැවී යාම සහ දැනටත් අර්ධ ලෙස දැවී ගොස් සිටින ක්‍රිකට් සම්පූර්ණයෙන්ම දැවී යාමය.


මේ වන විටත් ඒ තීරණය මත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් රටට අහිමි වී තිබෙන ආදායම ඩොලර් මිලියන 30 කි.ඒ මුදල අදාළ නැත අපට සල්ලි ඇති තරම් ඇත යනුවෙන් සිතන්නට හැකි රටක් අපට නැති බව අපි පිළිගත යුතු වන්නෙමු.මේ තත්ත්වය ඇති වන්නට එක හේතුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායමෙන් අමාත්‍යවරයා සියයට 20 ක මුදලක් ඉල්ලා සිටීමත් බලපෑවේය.ඔහු ඒ මුදල ඉල්ලා සිටින්නේ ඔහුගේ බලය යටතේ පවතින ක්‍රීඩා අරමුදලට ගෙන අනෙක් ක්‍රීඩා සඳහා වියදම් කිරීමටය.එය කරුණාවෙන් කරන ලද ඉල්ලීමක් මත කොළයක තැවරූ වචන ගෙන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විග්‍රහ කරන්නට උත්සාහ කළ ද,ඔහු වසර 50 ක් පරණ පණතේ වගන්ති ගෙන අදහස් දැක් වූ ආකාරය දුටු විට එය යම් ආකාරයක කාරුණික ස්වභාවයක් ගත් ප්‍රචණ්ඩාකාරී තර්ජනයක් ලෙස ගැනීමේ ද වරදක් නැත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් යොදවන්නේ වෙනත් ක්‍රීඩා සඳහා දීමට නොවන බව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද දැණුම් දී ඇති අතර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට පැමිණි ජෝජ් අලර්ඩ්ස් ද අයිසිසීයේ අදහස ලෙස අමාත්‍යවරයාට ඒ බව දැණුම් දී ඇත.එවැනි තත්ත්වයක තමන්ගේ ඉපැයීම් යම් ආකාරයකින් රට මුහුණ දී ඇති තත්ත්වය අනුව අනෙක් ක්‍රීඩාවන්ට සහ රටේ වෙනත් විෂය කේෂ්ත්‍රවල පැවත්මට,ප්‍රගතියට සහ සුබ සාධනයට යොදන ආකාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ස්වාධීනව සහ උපක්‍රමිකව කටයුතු කරන්නට සිඳුවනු ඇත.


මේ සියල්ල ජෙෆ් ඇල්ර්ඩ්ස්ට මුහුණ දීමේදී හරීන් ප්‍රනාන්දු දැන සිටියේය.ඒ නිසා සමහර ගුග්ලි පන්දුවලදි අඇල්ඩර්ස්ට පහර එල්ල කිරීම වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පහර ලෙස ගත හැකි පන්දුව නිදැල්ලේ යා දී සිනාසීම සිඳු කරන්නට හරීන් කටයුතු කළේය.හරීන් ප්‍රනාන්දු ද කට වරද්දා ගැනීමට ප්‍රකට කෙනෙකි.ඔහු ඒ දුර්වලකම ද හවස ඒ විකට්ටුවේ පමර දෙන පිතිකරු වන ජනාධිපතිට පහසුවෙන් පහර දිය හැකි ආකාරයට තමන් කඩුල්ල රැකගෙන කෙටි ලකුණු ලබා ගැනීම වැදගත් බව ද හරීන් ප්‍රනාන්දු වටහාගෙන සිටි බව ජෙෆ් ඇල්ර්ඩ්ස්ට මුහුණ දුන් ආකාරය නිරීක්ෂණය කළෝ පවසති.එය වැදගත් ඉණිමකි.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එන මුදල් නැවතීම මේ මොහොතේ රට මුහුණ දී ඇති තත්ත්වයට යම් ආකාරයක විසඳුමකි.එහෙත් පෙර ලෙස වෙනත් විෂය කේෂ්ත්‍ර සඳහා මුදල් යෙදවිය හැකි වේද යන්න පවා හිටපු අමාත්‍යවරයාගේ බලපෑම් මත අභියෝගයට ලක් ව තිබීම මේ මොහොතේ දේශපාලනයට සහ ක්‍රිකට් පරිපාලනයට සුහදශිලීව එක පිටියක තරග කළ හැකි බව පෙන්වීමෙන් වෙනස් කළ හැකි බව පෙන්විය යුතු දේශපාලනයක් අවශ්‍යය වී ඇත.හරීන් ඉණිම පුරාවටම ඇලර්ඩ්ස්ට ඒ විශ්වාසය දීම සඳහා සුදුසු පහරවල් පමණක් එල්ල කිරීම වැදගත්ය.


අයිසීසී තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් හරීන් ක්‍රීඩා කළ ආකරය පැසසුම් සහගතය.ඉදිරියට ක්‍රිකට් ආයතනය සමඟ එකට ඉඳගෙන කළ යුතු වෙනස් කම් කිරිමට හැකි සුහදශිලී හැසිරීමක් හරහා ක්‍රිකට් සඳහා අවශ්‍යය වෙනස් කම් කරන අතරේම ක්‍රීඩා පනතේ පරණ පිළුණු දේ ඉවත් කර එය අලුත් කිරිම ද කළ යුතුව ඇත.එහිදි අමාත්‍යවරයාට එහි ඇති පැරණි ඇමති බලය අත හරින්නට හැකිනම් සහ ඒ වෙනුවෙන් වෙනම සංයුතියක් හඳුන්වා දී කටයුතු කළ හැකිනම් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ස්වාධීනත්වයට බලපෑමන් නොවන විදිහට අධික්ෂණය සිඳු කරන අතරේම ක්‍රීඩාවට හිමිවිය යුත් ස්වාධිපත්‍යය ද සුරැකෙනු නිසැකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan