ගාසාව වෙනුවෙන් හඬ නැඟූ අප්‍රිකාව!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ ජනතාවට කළ ම්ලේච්ඡත්වයට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ඓතිහාසික නඩුවක් ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර අධිකරණය (ICJ) විසින් ඊට සමඟාමීව දින දෙකක මහජන නඩු විභාගයක් ආරම්භ කර තිබේ.

මෙම නඩුව දෙසැම්බර් 29 වන දින ගොනු කරන ලද අතර ඔක්තෝබර් 7 සිට ළමුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයින් 23,000 කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වූ ගාසා වටලෑම සම්බන්ධයෙන් ICJ හි පළමු අවස්ථාව සනිටුහන් කරයි.

සිවිල් වැසියන් ඝාතනය කිරීම, පලස්තීනුවන් සමූහ වශයෙන් පලවා හැරීම, අවතැන් කිරීම සහ නිවාස විනාශ කිරීම ඇතුළු ඊශ්‍රායලයේ ක්‍රියා 1948 එක්සත් ජාතීන්ගේ ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත දකුණු අප්‍රිකාව මෙලෙස තර්ක කරයි.

ඊශ්‍රායලය විසින් ආහාර සැපයීම අවහිර කිරීම සහ පලස්තීනුවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා විනාශ කිරීම, කණ්ඩායමක් ලෙස ඔවුන් විනාශ කිරීම අරමුණු කරගත් චේතනාන්විත පියවරයන් බවට ද මෙම නඩුවෙන් චෝදනා කෙරේ.

දකුණු අප්‍රිකාව තර්ක කරන්නේ එවැනි අපරාධ වැළැක්වීමට සහ නැවැත්වීමට ගිවිසුමට සම්බන්ධ රටවලට සාමූහිකව අයිතිය ඇති බවයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...