යතුර හමුවූ බව ….

සිහිල් සෘතුවේ
අවසාන දුක්මුසු සැඳෑවය.
දිගු හෙවනැලි
දසත වැතිර ඇත.

අලුපාට අහසෙන්
පෙරී එන තාරුකා එලියක්,
හිස දෙපැත්තට සොලවන
මල් ගස් කීපයක්,
දුක සිංදුම කියන සුළඟක්.

යතුර හමුවූ බව
ඔබ දන්වා ඇත.
එහෙත් මතක සේප්පුව
දැන් මවෙත නැත.

ගඟක, පොකුණක, මුහුදක ගිල්වා ඇත.
කුමන ගඟුලද, කවර පොකුණද
කිනම් සාගරයකදැයි දන්නා
එකම එක කෙනාද ජීවතුන් අතර නැත.

යළි පණිවිඩ නොඑවන්න
වෙහෙසය, මිලානය හද.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...