ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ ජැක් ස්මිත් අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අපරාධ නඩු දෙකක් මෙහෙයවූ විශේෂ නීතීඥ ජැක් ස්මිත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමට පෙර අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජැක් ස්මිත්ගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප්ගේ රහසිගත ලේඛන නඩුවේ සොයාගැනීම් සම්බන්ධයෙන් ඔහුගේ වාර්තාව නිකුත් කිරීම පිළිබඳ ආරවුලක් හේතුවෙන් සිදුව ඇති අතර ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ දෙපාර්තමේන්තු නඩු දෙකක් අධීක්‍ෂණය කිරීම සඳහා ස්මිත් මහතා 2022 දී විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබිණි.

2022 වසරේ මැතිවරණය පෙරලා දැමීම හා රහසිගත ලේඛන අනිසි ලෙස ගබඩා කිරීම සම්බන්ධයෙන් මෙලෙස ස්මිත් මහතා 2022 දී විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරන ලද අතර එම නඩු දෙකේදීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල විය.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, තමා බලයට පත්වීමෙන් අනතුරුව කරනු ලබන ප්‍රධාන කාර්ය ජැක් ස්මිත් සේවයෙන් ඉවත් කිරීම වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී...

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...