සමූපකාර ඡන්ද ජාතික මැතිවරණයක උණුසුම ගනී !

Date:

මේ දිනවල ප්‍රදේශ රැසක සමූපකාර නිලවරණ පැවැත්වෙනවා. හැබැයි මේ පාර සමූපකාර මැතිවරණ මෙතෙක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණු ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ.

ඒ කියන්නේ, ඉතිහාසයේ කිසිම දවසක සමූපකාර ඡන්දවලට දේශපාලන පක්ෂ අත්පත්‍රිකා බෙදාගෙන, ගෙන්ගෙට ගිහින් කැම්පේන් කළේ නෑ. මේ පාර මාලිමාව ඒ වැඩේට ලොකුවටම බැහැලා ඉන්නේ.

කැළණිය සමූපකාර සමිතියේ ඡන්දය ඊයේ (11) පැවැත්විලා තියෙනවා. තවම ඡන්ද ගැණලා ප්‍රතිඵල නිකුත් කරලා නෑ. නමුත් එන ආරංචිවල හැටියට නම් මාලිමාව ඒකත් පරාද වෙන්න පුළුවන්.

පහුගිය දවස් ටිකේ ඔය කැළණිය, බියගම ප්‍රදේශවල මාලිමාවේ අය සමූපකාර ඡන්දෙට කැන්වසින් කරලා තිබුණා. 6 කණුවේ පැත්තේ කැන්වසින් ආපු අයට මිනිස්සු හොඳටෝම බැන්නා කියලාත් ආරංචියි. මාස හතරකට කළේ මොනවාද කියලා මිනිස්සු මූණටම අහ අහා බැන්නා ලු.

මීට ටික දවසකට කලින් තිබුණු සමූපකාර ඡන්ද කිහිපයකින් මාලිමාව පැරදිලා තිබුණා. දිනපු ඒවාත් ගොඩක් තිබුණා, නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් තියෙන පක්ෂයක් වෙලා ඉද්දී සමූපකාර ඡන්ද දහයක් පහළවක් පෝලිමට පැරදුණොත් ඒක තමුන්ට ඉතාම අවාසි සහගත බලපානවා කියලා මාලිමාව දන්නවා. ඒගොල්ලෝ මෙච්චර බැහැලාම ජාතික මැතිවරණයකදී වගේ සමූපකාර ඡන්දෙට වලිකන හේතුව ඕක ලු.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ පාර කැම්පේන් කරන්න වෙලා තියෙන්නේ එයාලාට පුරුදු විදියට නෙවෙයි. මේ පාර එයාලාට දැන් ඡන්ද කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩු බලය තියෙන කට්ටිය හැටියට. ඕක පුරුදු නැති හින්දා කට්ටිය එහෙන් මෙහෙන් අනාගන්නවා කියලායි ආරංචි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...

NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට...

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...

හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...