මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW:

මැලිබන් ජාතික රග්බි ලීග් සූරතාවලියේ ගෙවුණු සතියේ පැවති තරගවලදී හැව්ලොක්,යුද හමුදා,ගුවන් හමුදා සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් ජය වාර්තා කරන්නට සමත් විය.මෙහිදී වැදගත්ම ජය ගෙවුණු 11 වන ඉරිදා හැන්දෑවේ මහනුවර නිත්තවෙලදී වාර්තා කරන්නට සමත් වූවේ සීආර් කණ්ඩායමය.මෑතකාලීන ලාංකේය රගර් ක්‍රීඩාවේ සූරයන් ලෙස ඉදිරියෙන් සිටින මහනුවර කණ්ඩායමට එරෙහිව නිතර අභියෝග කරන සීආර් ක්‍රීඩකයින්,11 වන දා හැන්දෑවේ දී ඒ සටන්කාමීත්වයේ යහපත් පල නෙළා ගනිමින් ලකුණු 25 – 20 ක් ලෙස මහනුවර කණ්ඩායම පරාජයට පත් කළේය.


පළමු අර්ධය නිමාවන විට ලකුණු 17 – 13 ක් සේ සීආර් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියත්,දක්ෂතා සපිරි මහනුවර ක්‍රීඩකයන් දෙවන අර්ධයේදී එම තත්ත්වවය වෙනස් කරනු ඇතැයි නිත්තවෙල ක්‍රීඩාංගණය වටා සිටි මහනුවර හිතවතුන්ගේ අභිලාෂය විය.එහෙත් සිය ලකුණු පූවරුවට උත්සාහක දිණුමකින් සහ නිදහස් පහරකින් තවත් ලකුණු 8 ක් එකතු කර ගත් සීආර් කණ්ඩායම මහනුවර කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 7 ක් පමණය.උත්සාහක දිණුමකින් සහ එහි සාර්ථක ප්‍රවර්ථනයෙන් ලකුණු එකතු කර ගත් මහනුවර සහ සීආර් අතර පළමු අර්ධයේ තිබුණ ලකුණු පරතරය 4 ක් වූ අතර දෙවන අර්ධයේදි එය ලකුණු 5 ක පරතරයක් දකවා වැඩි කර ගන්නට සීආර් ක්‍රීඩකයෝ සමත් වූහ.


ශ්‍රී ලයන්ස් කණ්ඩායම මේ වසරේ දක්වන දුර්වල ක්‍රීඩා රටාව හරහා මේ සතියේ පරාජය එකතු කර ගත්තේ ගුවන් හමුදා කණ්ඩායම වෙතින්.එහිදී පළමු අර්ධයේදී යම් බලපෑමක් කරමින් ලකුණු 17 – 8 ක් ලෙස ලකුණු පූවරුව ක්‍රියාත්මක කළත්,දෙවන අර්ධයේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට තවත් ලකුණු 10 ක් එකතු කර ගන්නට අවස්ථාව දුන් ගුවන් භටයින්,තමන්ගේ ලකුණු තත්ත්වය 22 න් පෝෂණය කරමින් ලකුණු 39 ක් බවට පත් කර ගත්තේය.ඒ අනුව අවසාන ලකුණු සටහන දැක්වුණේ ගුවන් හමුදාවට ලකුණු 39 – 18 ක ජයක් ලෙසය.


නාවික හමුදාව,යුද හමුදාවට එදිරිව ලකුණු 17 – 12 ක් ලෙස එම තරගයේ පළමු අර්ධය නිමාවන විට ඉදරියෙන් සිටියත් දෙවන අර්ධය වඩාත් උද්වේගකර පෙණුමකට තල්ලු කළ යුද හමුදා ක්‍රීඩකයෝ තරගයේ ජය 41 – 38 ක් ලෙස තමන් සතු කර ගත්හ. දෙවන අර්ධයම හමුදා කණ්ඩායම් දෙක ප්‍රතිවාදියා ආක්‍රමණයට මුල් තැන දෙමින් ක්‍රියා කළ අතර යුද හමුදාව ලකුණු 29 ක් ද,නාවික හමුදාව 21 ක් ද ලකුණු රැස් කරන්නට සමත් විය.


මහනුවර කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු සමවීමෙන් නිමා වූ පසු වැඩි අවාධානයක් දිනා සිටි සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම මේ සතියේදී හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි රගර් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුවෙන් සිටියා.එහෙත් සිතූ දේ සිඳු නොවී සීඑච් කණ්ඩායමට එරෙහිව හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 39 – 5 ක ජයක් අත් කර ගන්නට සමත් වුනා.


තරගයේ පළමු අර්ධය නිමා වන විට සීඑච් ක්‍රීඩකයින් ලකුණු 13 – 5 ක් ලෙස ඉදරියෙන් සිටිය අතර දෙවන අර්ධය සපුරා තමන්ගේ යටතේ තබාගත් හැව්ලොක්ස් ක්‍රීඩකයින් ලකුණු 26 ක් රැස් කළේ සීඑච් ක්‍රීඩකයින්ට කිසිඳු ලකුණක් ලබා නොදෙමින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!