ධනුෂ්ක ගුණතිලක ගැන තොරතුරක් …

Date:

මීට මාස කීපයකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ලිංගික චෝදනාව මත මේවන විට ඇප මත සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි විභාගයට ගැනීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වල සඳහන් වේ.

සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේ දී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දී ඇත.

මෙහිදී පසුගිය දා ධනුෂ්ක ගුණතිලකට තමා මෙතෙක් රැදී සිටි හෝටලයෙන් වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට අවසර දී තිබූ නමුත් ඔහුට එම චෝදනාව කල සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 තරුණිය සමඟ කිසිදු සම්භන්ධයක් පැවැත්වීමට සහ සමාජ මාධ්‍ය හැසිරවීමටද ඔහුට තවදුරටත් තහනම් විය.

තවද නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදි පැනවු අතර එහිදි ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළේය.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

ධනුෂ්ක ගුණතිලකට තවදුරටත් පැනවූ නීති රීති කඩ නොකර ඕස්ට්‍රේලියාව තුළ තම දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එහිදී ඔහුට ඇප කොන්දේසි ඉතා තදින් ඉටු කිරීමට සිදුවන ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...