“ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය ඇමතූ ජනපති රනිල්….

Date:

“ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනපති කියා සිටියේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව බවයි.ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාටද පැවසූ බව ජනාධිපතිවරයා පැවසීය .

මේ බව එතුමා සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ (11) පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ උත්සවය අමතාය.

පළාත්
ජාතික
සාක් කලාපීය සහ විශේෂ

ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාදුණි.

ඉතාමත් දුෂ්කර අවදියක් ගෙවන මේ මොහොතේ රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මේවන විට පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා ඒ අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි බවත්, අනතුරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතවලින්ද ණය මුදල් හිමිවනු ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම ලාබ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි ද , රට තුළ ආර්ථික ස්ථාවරයක් ගොඩනැඟීම වෙනුවෙන් මේ සියල්ලම සිදු කරනා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගනිමින් ලෝකය සමග තරඟ කළ හැකි දියුණු ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව අත්වැල් බැද ගනිමු යැයි එතුමා පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...