*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

නෙට්බෝල්වලට නෙට්බෝල්මය නොවන ප්‍රතිකර්මත් අවශ්‍යය වෙනවා- සභාපතිණිය වික්ටෝරියා ලක්ෂ්මි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 12 කොළඹ (LNW): නෙට්බෝල් ක්‍රීඩාව ඉදිරි තරගාවලි සඳහා සාර්ථක කර ගැනීමට නෙට්බෝල්මය නොවන උපකාරද අවශ්‍යය වන බව නෙට්බෝල් සභාපතිණි වික්ටෝරියා ලක්ෂමි පවසනවා.ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවට වසර සියයක් සපිරෙන මොහොතේ පැවතීවීමට නියමිත ජාතික නෙට්බෝල් සූරතාවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවක් කිරිම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඇය මෙම අදහස් දැක් වූවාය.

ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම ගෙවුණු සය සාමාජික සිංගප්පූරු තරගාවලියේ දී ද ශ්‍රී ලංකා නෙට්බෝල් ලෝකයට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක පවතින බව පැහැදිළි වූ අතර විශේෂයෙන් ක්‍රීඩාවේ ගලා යන රිද්මය වඩා වේගවත් වී තිබෙන බව දැක ගන්නට ලැබිණ.මේ තත්ත්වයට මුහුණ දිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් ගනු ලබන තීරණ කවරේද යන්න පිළිබදව විමසීමේදී ඒ තත්ත්වය නිරාකරණය කර ගැනීමට ඉදිරියේදී නෙට්බෝල් නොවන වෙනත් දේ ද යොදා ගනිමින් නෙට්බෝල් ක්‍රීඩා රටාව දියුණු කිරීමට සැළසුම් තිබෙන බවය.

මෙවර ජාතික සූරතාවලිය ජනවාරි 20 සහ 21 යන දෙදින තුළ වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා තිබෙන අතර එහිදී සියලු තරග ජාත්‍යන්තර වෙට්බෝල් සංගමයේ අලුත් වූ නීති ද පදනම් කරගෙන විනිශ්චයට භාජනය කරන බව සභාපතිවරිය පැවසීය.

එසේම මාර්තු මස කණිෂ්ඨ තරගාවලිය පැවත්වීම සහ කලකට පසුව අන්තර් සංගම් තරගාවලිය නැවත පන පන ගැන්වීම මෙන්ම අවුරුදු 19 න් පහළ සංචිත දිස්ත්‍රික් මට්ටමෙන් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පෙන්වා දුන්නාය.
ඉකුත් වසරේ සිදුවීම් සම්බන්ධයෙන් ආවර්ජනය කළ සභාපතිණිය පෙන්වා දුන් කරුණුවලට අනුව ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය කර ගැනීමට සහ විනිසුරුවන්ගේ දැණුම වර්ධනය කර ගැනීමට දුන් අවස්ථා සුවිශේෂී කොට දැක්විය හැකිය.ඒ අතරින් නෙට්බෝල් විනිසුරුවන් සම්බන්ධයෙන් ලැබිණු ජාත්‍යන්තර අවස්ථා මෙන්ම එහිදී විනිසුරුවන් දක්වා ඇති ප්‍රශංසාත්මක දස්කම් ද සභාපතිණිය ගෞරවයෙන් මෙනෙහි කළාය.

එරංග සිතාර ඒ ආකාරයෙන් කැපී පෙණුන දක්ෂතා දැක් වූ විනිසුරුවන් අතර කැපී පෙණුනම විනිසුරු වූ අතර ඔහු නෙට්බෝල් විනිසුරුවරයෙක්ට එම කේෂ්ත්‍රය තුළ ළඟා විය හැකි ඉහළම තැන වන IUA (INTERNATIONAL UMPIRE AWARD) තත්ත්වයට මෙපිටින් ඇති ITID (INTERNATIONAL TALENT IDENTIFIED UMPIRE) තත්ත්වයට ළඟා වීමට සමත් වී ඇත.

එසේම සභාපතිනිය ප්‍රකාශ කළේ මාධ්‍යවේදීණී ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ විසින් රචිත සියවසක නෙට්බෝල් කෘතිය ද ඉදිරියේදී එළි දැක්වෙන බවය.එසේම ආසියානු සභාපතිණිය ද වන ඇය මෙවර ආසියානු කුසලනායේදී කණ්ඩායම්වලට මූල්‍යමය වටිවාකමක් ලබා දීමට උත්සාහ කරන බව පැවසීය.මෙවර තරගාවලිය සම්ප්‍රදායානුකූලව මේ දක්වා ආසියානු කුසලාන තරගාවලිය පැවත් වූ රටවලින් එපිටට ගොස් විනිජමය වශයෙන් ආකර්ශණීය ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන සවුදි අරාබියට ලබා දීමේ එක් අරමුණක් එය බව ද පෙන්වා දුන් අතර ඔවුන් රටේ පවතින කාන්තාවන් සම්බන්ධ ආගමික නීති රීතිවලින් බැහැරව ක්‍රීඩිකා ඇඳුම සම්බන්ධයෙන් පවා ධනාත්මත අදහසක සිටින බව පැවසූ සභාපතිණිය මේ වන විට බහරේනය ද අයදුම්පත් යොමු කර තිබෙන බව පැවසුවාය.

එසේම වසර සියයක් ගත වන විටත් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට වෘත්තීය මට්ටමක් නැතිවීම ගැන මෙන්ම ඔවුන්ට කියා නිල කාර්යාලයක් තවමත් නොමැතිවීමත්,ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නොමැතිවීමත් ගැන ද මාධ්‍ය මතුකළ ප්‍රශ්නවලට සභාපතිනිය පිළිතුරු දුන්නාය.තාවතාලිකව වෘත්තීය මට්ටමක් ඇති කර ගෙවීමක් සිඳු කිරිමට වඩා එය දීර්ඝකාලීන පැවත්මක් ඇති කිරීම අපේක්ෂාව බව ඇය පෙන්වා දුන්නාය.මේ වන විට ක්‍රීඩා සංවර්ධන දේපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රෝහණ ද සිල්වා,නෙට්බොල් සඳහාම වූ ස්ථානයක් ගැන කඩිනමින් සහනයක් ලබා දෙන්නට පොරොන්දු වී තිබෙන බව පෙන්වා දුන් සභාපතිණිය මෙම මාධ්‍ය සාකච්ඡාව පැවත් වූ පාපන්දු නිහන ආසන්නයේම කලෙකට ඉහත සකස් කළ නෙට්බෝල් පිටිය යථා තත්ත්වයට පත් කරමින් ඒ ඉඩ නෙට්බෝල් නිවහනක් කිරීමට අවශ්‍යය ඉදිකිරීම්වලින් පොහොසත් කිරීමේ හැකියාව ගැනද සිහිපත් කළාය.

මෙවර ජාතික සූරතාවලිය පැවත්වීමට සහය දක්වන ඩයලොග් ආයතනය ගැන මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්,හයිඩ්‍රාමණී වැනි ගෙවුණු සමයේ අනුග්‍රාහකත්වයේ දායකත්වය දුන් ආයතන ගැන ද ඇය ගෞරවයෙන් සිහිපත් කළාය.මාධ්‍ය හමුව පැවත්වීමට අවස්ථාව සළසා දුන් ශ්‍රී ලංකා පුට්බෝල් මෙන්ම මේ කාලය තුළ විවිධ ආයතන හරහා ශ්‍රී ලංකා නෙට්බෝල්වලට ලැබුණු සහයට ස්තූතිය ප්‍රකාශ කළ සභාපතිණිය මඟ පෙන්වමින්,ධනාත්මක විවේචන සමඟින් රැදී සිටින්නට මාධ්‍ය සඳහාද ස්තූති පූර්වක ආරාධානාවක් කළාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan