සැම්බියාවේ කොලරාව නිසා පැය 24ක් තුළ මරණ18ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සැම්බියාවේ දේවස්ථානවල කොලරාව පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස දේවමෙහෙයන් සඳහා වූ කාලය පැය දෙකකට සීමා කිරීමට නියෝග කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සියලුම දේවස්ථානවල කෑමට සූදානම් කළ ආහාර අලෙවි නොකරන බව ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo පවසා ඇත.

Ndiwa Mutelo

තවද, ජනතාවට උපදෙස් දී ඇත්තේ , රෝගය වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා අතට අත දීමෙන් සහ වැළඳගැනීම්වලින් වළකින ලෙසයි.

ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මධ්‍යස්ථානවලට ආරක්ෂිත පානීය ජලය, අත් සේදීමේ ස්ථානමෙන්ම ,සනීපාරක්ෂක යන්ත්‍ර ඔවුන්ගේ සාමාජිකයින්ට ලබා දෙන ලෙස නියෝග කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රටපුරා කොලරා රෝගීන් 7,800කට වඩා වාර්තා වී ඇති බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය පැය 24 තුළ නව රෝගීන් 400 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 18 ක් වාර්තා වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...