සැම්බියාවේ කොලරාව නිසා පැය 24ක් තුළ මරණ18ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සැම්බියාවේ දේවස්ථානවල කොලරාව පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස දේවමෙහෙයන් සඳහා වූ කාලය පැය දෙකකට සීමා කිරීමට නියෝග කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සියලුම දේවස්ථානවල කෑමට සූදානම් කළ ආහාර අලෙවි නොකරන බව ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo පවසා ඇත.

Ndiwa Mutelo

තවද, ජනතාවට උපදෙස් දී ඇත්තේ , රෝගය වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා අතට අත දීමෙන් සහ වැළඳගැනීම්වලින් වළකින ලෙසයි.

ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මධ්‍යස්ථානවලට ආරක්ෂිත පානීය ජලය, අත් සේදීමේ ස්ථානමෙන්ම ,සනීපාරක්ෂක යන්ත්‍ර ඔවුන්ගේ සාමාජිකයින්ට ලබා දෙන ලෙස නියෝග කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රටපුරා කොලරා රෝගීන් 7,800කට වඩා වාර්තා වී ඇති බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය පැය 24 තුළ නව රෝගීන් 400 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 18 ක් වාර්තා වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...