ජෝර්දානයේදී රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකික ඇඟළුම් සේවකයින් ගන මනූෂගේ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අවධානය යොමු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දි ඇති බව සඳහන් වේ.

අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කොට තිබේ.

එහිදි අදාල බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරිම සඳහා ගුවන් ටිකට් පත් ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇති බව පැවසේ.

නමුත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත්නොවූ අතර පසුව ඉන්දිය හා බංග්ලාදේශ යන රටවල නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරුන් සමග එක්වි එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමග සමාජ රක්ෂණ අරමුදල මගින් වන්දි ලබා දෙන ලෙසය.

මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එසේම මෙම ශ්‍රමිකයින් අතුරින් මේ වන විට වලංගු වීසා නොමැතිව ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අයකිරීමකින් තොරව දිවයිනට ගෙන්වා ගැනීමටත්, තවදුරටත් ජෝර්දානයේ රැදී සිටිමින් වෙනත් ආයතනවල සේවය කිරීමට කැමති ශ්‍රි ලාංකිකයින් 62 දෙනෙකු වෙනුවෙන් නව සේවා ස්ථාන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

මේ වන විට අදාළ ශ්‍රමිකයින් කර්මාන්තශාලාවට අයත් නේවාසිකාගාරයේ රඳවා සිටින අතර තානාපති කාර්යාලය කල ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබීමෙන් පසු මෙම සේවකයන් 2024 ජනවාරි මස ඇතුළත ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් ආයතනයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් 153 දෙනකු හා හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රමිකයින් 67 දෙනකු සේවය කර ඇත.

මේ අතර අසිල් යුනිවර්සල් ආයතනයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ගේ අත්සනින් නිකුත්කරන ලද ලිපියක් මගින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ආහාර, ජලය හා විදුලිය යන මුලික අවශ්‍යතාවයන් අඩුවකින් තොරව ලැබෙන බවයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ඇගලුම් කම්හල් දෙකෙහි ශ්‍රි ලාංකික ශ්‍රමිකන්ගේ වෛද්‍ය පහසුකම් අවශ්‍යතා ඉටුකිරිමට අවශ්‍ය මුදල් යවා ඇත. තවද කම්කරු සුභසාධන අංශයේ නිලධාරින් අදාල සේවකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලමින් සිටින බවද පැවසේ.

මෙම සේවකයන්ගේ ගැටලු සම්බන්ධ‍යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ සමාගම් තුනක් සමග සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ උපදෙස් ලැබුණු පසු සේවකයින්ගේ කැමැත්ත ඇතිව අවශ්‍ය කටයුතු සිදු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන්නේ, සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනිමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...