තෙල් මිල 4%කින් ඉහලට

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වසරේ ප්‍රථම වරට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 80 දක්වා ඉහළ යන ලදී.

හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නැව්වලට මෑතදී එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නාවුක කටයුතු අඩාල වීම නිසා ගෝලීය මුහුදු වෙළඳාමෙන් 15% ක් පමණ රතු මුහුද හරහා සිදුවන වාණිජ ජලය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් හවුති කැරලිකරුවන්ට එරෙහිව දියත් කරන ලද ප්‍රහාර හේතුවේ තෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉරානයේ පිටුබලය ලබන කැරලිකරුවන් විසින් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ මේ වසරේ ප්‍රථම වරට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 80 දක්වා ඉහළ යන ලදී.

මේ වන විට යාත්‍රා මත බහාලුම් නැව්ගත කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇත, එයින් අදහස් කරන්නේ සමාගම්වලට මෙම වියදම පාරිභෝගිකයින්ට පැවරීමට තෝරා ගත හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...