*
Monday, January 13, 2025
spot_img

Latest Posts

තලෙයිබාන් සංවිධානය කාන්තාවන් කිසිදින මනුෂ්‍යන් සේ නොසලකන බව මලාලා යූසුෆ්සායි පවසයි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය කාන්තාවන් හා ගැහැණු දරුවන් කිසිසේත්ම මනුෂ්‍යන් සේ නොසලකන බවත්, ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා වන මර්දනකාරී ප්‍රතිපත්තිවලට අභියෝග කරන ලෙසත්, මලාලා යූසුෆ්සායි මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

ඇය මේ බව සඳහන් කර තිබුණේ, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC), පකිස්ථාන රජය සහ මුස්ලිම් ලෝක ලීගය විසින් ඉස්ලාමීය රටවල කාන්තා අධ්‍යාපනය පිළිබඳ සත්කාරකත්වය දරන ජාත්‍යන්තර සමුළුවකදීය. මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට අධ්‍යාපනයට සහ රැකියාවට ප්‍රවේශ වීම වැළැක්වීම ඇතුළු තලේබාන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිවක් ඉස්ලාම් ආගම තුළ නොවන බවයි.

මෙම වැඩසටහන වෙනුවෙන් ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් බහුතරයක් සිටින රටවල ඇමතිවරුන් සහ විද්වතුන් දුසිම් ගනනක් සම්මන්ත්‍රණයට සහභාගීව සිටි අතර මෙහිදී මලාලා සඳහන් කර තිබුණේ, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීම වළක්වා ඇති ලෝකයේ එකම රට දැන් ඇෆ්ගනිස්ථානයවන බවත් මේ වන විට මිලියන එකහමාරකට පමණ හිතාමතාම පාසල් අධ්‍යාපනය අහිමි කර ඇති බවත්ය.

ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම නිසා මලාලා ට වයස අවුරුදු 15දි පමණ එනම් 2012 දී පමණ පාකිස්තාන තලේබාන් තුවක්කුකරුවෙකු විසින් ඇගේ හිසට වෙඩි තබන ලදී. ඉන් අනතුරුව සැත්කම් ගණනාවකට ලක් වූ මලාලා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් නැවත වරක් ස්ලාමිය රටවල කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්නට විය.
අනතුරුව ඇය පාසල් නොයන ගැහැණු දරුවන් වෙනුවෙන් ‘ මලාලා අරමුදල’ නමින් අරමුදලක් ආරම්භ කළ අතර ඇය කළ සේවය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබිය.

2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය නැවත ලබා ගත් දා සිට, එහි රජය තනි විදේශ රජයක් විසින් නිල වශයෙන් පිළිගෙන නොමැත. බටහිර බලවතුන් පවසා ඇත්තේ කාන්තාවන් සීමා කරන ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan