මේක ඉවසන්න ඕන වෙලාවක්.ආණ්ඩුවත් ක්ෂණික වෙනස්කම්වලට යන්නේ නැත්තේ ඒකයි!

Date:

කොළඹ LNW:වත්මන් රජය ක්ෂණික වෙනස්කම්වලට නොගොස් ක්‍රමානුකූලව වෙනස්කම්වලට යන්නේ රටේ ආර්ථිකයත්,ලෝක ආර්ථිකයත් පිළිබඳ පවතින අවබෝධය නිසා යැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මේ මොහොතේ ඉවසීමෙන් කටයුතු කළයුතුව ඇති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ලෝක ආර්ථිකයත් රටේ ආර්ථිකයත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි වර්තමාන පාලනයත් ක්ෂණික වෙනස්කම් වලට යන්නේ නැතුව යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව වෙනස්කමක් කරන්නේ. අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙච්ච තැන ඉඳල අද එතැනින් එළියට එන තැනට අපි ගොඩදාලා දුන්නා. එතනින් එහාට මේක නිරුපද්‍රිතව පවත්වාගෙන යාමට අලුත් කණ්ඩායමකට රටේ ජනතාව බලය දීලා තියෙනවා. ඒ අයගේ යුතුකම,වගකීම තමයි එය පවත්වාගෙන යාම. එයාලගේ ප්‍රතිපත්ති තියෙනවා. ඒවත් එක්ක ගළපගන්න ඕනේ.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...